19 October, 2016

මන:කල්පිත විදියට වෙස්වළාගෙන රැප් සිංදු කියන්නේ උදය ශ්‍රී ද..?

උදය ශ්‍රී කාලෙකින් ගීතයක් කළේ නෑ නේද?

ලබන සතියේ අලුත් song එකේ video එකක් කරලා තියෙනවා. ටික කාලයක් ගියේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයත් එක්ක හිටියා. මගේ පෞද්ගලික ගීතයක් කරන්න පරක්කු වුණා. මම සංගීත නිර්මාණයක් කළ චිත්‍රපටයක් එනවා. ඒකේ නම තමයි රන් දේදුන්නක්. ඒක අධ්‍යක්ෂණය කළේ නලින් රාජපක්ෂයි. ඒ අතරේ නිර්මාණ කටයුතු කළා මාධ්‍යවල. ඒ වගේම මගේ සංගීත ක්ලාස් එකේ වැඩ කටයුතුත් යනවා.

ඉස්සර උදයව සංගීත කණ්ඩායමේ නමින්නේ හඳුන්වන්නේ. අද ඒක වෙනස්වෙලා?

මම හිතනවා ගොඩාක් දුරට 2012 අවුරුද්දෙන් පස්සේ මම කරපු ගීත ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රිය වීමත් එක්ක මිනිස්සු අතර උදය ශ්‍රී කියන්න හුරුවෙලා තියෙන්නේ.

එහෙම වුණු එක හොඳයිද?

ඔව්. ඒක හොඳයි. මොකද එකතැන පල්වෙන්න අවශ්‍ය නැහැ. අපි හැමදාම බලන්න ඕනේ මොකද්ද අලුත් දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් ලෝකේ මියුසික් ගත්තොත් ඒක ඉවරයක් කරන්න බැරි දෙයක්. කොච්චර දේවල් තියෙනවාද අත්හදා බලන්න. ඒ දේවල් කරගෙන කරගෙන යනකොට ඉබේම අනෙක් දේවල් හැදිලා තියෙයි. චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කළා. ඊට අමතරව පසුගිය සම්මාන උළෙලවල්වල පළමු ගීත 5 අතරට ඇවිත් තිබුණා. ඉතින් ඒ වගේ දේවල් මට හම්බවුණේ 2012 අවුරුද්දෙන් පස්සේ.

සෝලෝ ආටිස්ට්ස් කෙනෙක් වුණාට හිතපු තරම් වැඩ පෙන්වන්න බැරි වුණානේද?

දැන් පෙන්නුව ඒවා තමයි කිව්වේ. තව වැඩ තියෙනව. දැන් ලංකාවේ ගීත නිර්මාණ ශිල්පීන් ගොඩාක් ඉන්නවානේ. නමුත් ඔය අවස්ථා ලැබෙන්නේ ඒ අතරින් දෙතුන් දෙනකුට විතරයි. සම්මාන උළෙලට නිර්දේශ වුණු එක. ඒ දේවල් කෙනෙක්ට ලේසි පහසුවෙන් ලැබෙන දේවල් නෙවේ. ඒ වගේ දේ දුර්ලභයි. perform කරන දෙයක් අප්ඩේට් වෙවී යන දෙයක්. මම perform කරන විදිය ඕන වෙලාවක යූ-ටියුබ් එකට ලොග්වෙලා බලන්න පුළුවන් ඕන කෙනකුට. ඒ වගේ දේවල් ලේසි නැහැ.

ප්‍රැක්ටිකල් කරලා perform කරලා තමයි නිර්මාණ සාර්ථක වෙන්නේ. ඔය සාර්ථක වීම පෙන්නන්න අවුරුදු 3ක් 4ක් තිස්සේ මට හැකිවීම ලේසි පහසු කාර්යයක් නෙවේ. මගේ දක්ෂතාවයි, වාසනාවයි එක්ක ආව දෙයක් ඒක.

ඒකට හේතුව අලුත් අය උදයව පරද්දන්න ට්‍රයි කරන එකද?

එහෙම දිනුම පැරැදුමක් ගැන මම හිතුවේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ආස දේවල් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් දේවල්. අධ්‍යක්ෂවරයෙක් සංගීත නිර්මාණවරයෙක් විදියට ඉස්සරහට යන්න තමයි මගේ බලාපොරොත්තුව. ගායකයෙක් විදියට අලුත් දේවල් හොයාගෙන develop වෙලා ඉස්සරහට යන්න තමයි මගේ ආසාව තියෙන්නේ. තව සමහරු විවිධ දේවල්වලට කැමැතියි. ඉතින් මම මගේ ජීවිත කාලය ඇතුළේ මම කිව්ව දේවල්වලට තමයි යන්න කැමැති.

ඒ මොනවාද කැමැති දේවල්?

ඒවා කිව්වොත් දැනගන්නවානේ මොනවාද කරන්න යන්නේ කියලා. උදාහරණයක් විදියට මෙහෙම දෙයක් කියමුකෝ. අපි ලංකාවෙන් එහා අනෙක් ආටිස්ලා කරන දෙවල් තියෙනවානේ. ඉන්දියාව ගැන නෙවේ මම කියන්නේ. මම එච්චර ඉන්දියන් මියුසික්වලට ආස නැහැ. ඒවාට වඩා එතැනින් එහාට ගොඩාක් දේවල් තියෙනවා තාක්ෂණය පැත්තෙන්. perform කරන විදිය වගේ දේවල් archive චපබ කියන එකත් වෙනමම දෙයක්. ඒ වගේම ප්‍රඩක්ෂන් එක. අන්තර් ජාතික මට්ටමේ කොන්සට් එකකට අවශ්‍ය දේවල් තියෙනවා. දැනට ලංකාවේ දකින දේට වඩා ඒවා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. අන්න ඒ දේවල්. චපජඩඪමඥ කරන්න තමයි මගේ ඒ දේවල් ළඟා කර ගන්න තමයි බලාපොරොත්තුව.

උදය ඇඳුම් ස්ටයිල් එකයි හෙයා ස්ටයිල් එකයි වෙනස් කළේ ඒ හින්දද?

ඒකත් මම බලනවා කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ් මොනවාද කියලා. පැෂන් මොනවාද, ඒවායින් මට මොනවද කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරනවා. කට්ටිය මගේ කොණ්ඩෙට අහනවා කරන්ට් වැදිලා වගේ කියලා. මගේ කොණ්ඩෙ මොනවා හරි ගැළපෙන ස්ටයිල් එකක් තිබුණොත් කරනවා.

ඒ වෙනස හින්දා වෙනසක් සිද්ධ වුණාද?

ඔව්. මම හිතනවා එහෙම තියෙනවා කියලා. ඒක නිසානේ ඔයා ඇහුවේ. ඒක අවධානයට ලක්වීම මම හිතනවා ඒක හොඳ හරි නරක හරි වෙන්න පුළුවන්. ඒකට බනින පිරිසකුත්, හොඳ කියන පිරිසකුත් ඉන්නවා.

ස්පන්ධන චිත්‍රපටයට ගායනා කරන ඔය මුවේ හසරැල් සලා ගීතයට හිරු සම්මානයට පාත්‍ර වෙලා ඒක නැතිව ගියාම මොකද හිතුණේ?

මෙහෙමයි ඒක බධන ටඪමඥ වෙනකන් ආවා. ලංකාවේ ගීත චිත්‍රපට කොච්චර පඥතඥචඵඥ වුණාද? ඉතින් ඒ අතරට එන්න ලැබීමත් ලොකු ජයග්‍රහණයක්, ගීත තෝරා ගන්න ගීත 100ක් විතර දානවානේ. ඒ අතරට එන්න ලැබීම ලොකු සතුටක්. ඒක මට perform කරන්න හම්බවුණා හිරු සම්මාන උළෙලේදී ඉන්දියන් ආටිස්ලා ඉස්සරහා. මට ඒක සතුටක්. 5 වැනි තැනින් හැලුණා කියලා මට දුකක් නැහැ. මේ ගීතයට මා සමඟ ගොඩාක් ශිල්පීන් සම්බන්ධ වුණා. ඉතින් මට සතුටු වැඩියි සම්මානයට පාත්‍ර වුණා නම්.

මෑතක යූටියුබ්වල ජනප්‍රිය මන--කල්පිත රැප් ආටිස් ගැන අහල තියෙනවද?

මම රැප් ගැන ලොකුවට ෆලෝ කරන්නෙ නෑ.

මන:කල්පිත විදියට වෙස් වළාගෙන රැප් කරන්නේ උදය ශ්‍රී කියන ආරංචිය ඇත්තද?

මන:කල්පිත අෑ. ඒ මොකද්ද? මම ඔය කියන කතාව දන්නේ නැහැ. මෙහෙම එකක් තියෙන්නෙ ඕකේ. රැප් මියුසික් කියන එක කරනවා සමහර වෙලාවට. දැන් මෑතක ඉංග්‍රීසි ගීතයක් කළා. ඒකෙත් රැප් තියෙනවා. කවුරුහරි ඒක මන:කල්පිතයි කියනවා නම් මම දන්නේ නැහැ ඒක. ඒක වීඩියෝ එකකින් පෙනුණේ නැහැ කාටවත් මම කරපු ඔය super natural song එක රැප් කරලා තියෙනවා. අවශ්‍ය කෙනකුට බලන්න පුළුවන්. ඒක මන:කල්පිත නැහැ.

අලුත් නිර්මාණ ගැනත් කියමු?

අර කියපු super natural ඉංග්‍රීසි ගීතයට මියුසික් video එකක් කරලා ළඟදි එළියට එයි. ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අහන අයට අහන්න පුළුවන්. මගේ ටචද fan page එකේ upload කරලා තියෙනවා මගේ ගීත දෙක තුනක් ඉදිරියේ එන්න තියෙනවා රන්දේදුන්නක් චිත්‍රපටයේ මා දෑසේ රහස කියන ගීතය.


udaya-sri-paper




නිලන්ති රේණුකා-මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මන:කල්පිත විදියට වෙස්වළාගෙන රැප් සිංදු කියන්නේ උදය ශ්‍රී ද..? "

    Post a Comment