19 October, 2016

දුක විකුණන මිනිසුන් මැද ජීවිත ගීතයට මියුරු තාලයක් සොයන ආදරණීය තරුණ යුවළ

ජීවත් වෙන්න, සල්ලි හොයන්න මිනිස්සු ලේසි ලේසි ක්‍රම හොයාගෙන යනවා.

තවත් කෙනෙක් අමාරුවෙන් හරි හම්බ කරපු දෙයක් හොරකම් කරලා එහෙමත් නැත්නම් බොරු ලෙඩ දුක් කියලා සල්ලි කඩාවඩා ගන්න අය අපි ඕනෑ තරම් දැකලා තියෙනවා.

ඒ වගේම පොඩි පොඩි ප්‍රශ්න එහෙමත් නැතිනම් අඩුපාඩුකම් නිසා තමන්ගේ ආදරණීය බිරිඳව හෝ සැමියව අතහැරලා දාලා යන හිතක් පපුවක් නැති මිනිස්සුත් මේ සමාජය ඇතුලේ ඉන්නවා.

ඒත් ඒ හැමදේම එකට විඳගෙන තමන්ගේ හැකියාවෙන් ජීවිතය ගැටගහගන්න උත්සහ දරණ සොඳුරු හැකියාවක් ඇති තරුණ යුවළක් ෂා වාලම්පුරි කණ්ඩායමට හමුවෙලා තිබුණේ ගිරාදුරුකෝට්ටේ පැත්තෙදි.

ඔහු නමින් කමල් දේශප්‍රිය. බස්වල සිංදු කියන අයනම් ඕනෑ තරම් ඔබත් අපිත් දැකලා තියෙනවා.

ඒත් කමල් එයාගේ ආදරණීය බිරිඳත් එක්ක එකතුවෙලා ඒ කලාවට වෙනසක් එකතු කරලා තියෙනවා.

අවුරුදු 24 ක් වුණු කමල් එයාගේ ආදරණීය බිරිඳත් එක්ක තමන්ගේ හැකියාවට නිසි වටිනාකමක් දීලා බස් රථවල සිංදුවක් කියලා ජීවිතේ ගෙනියන හැටි තමයි මේ.

වීඩියෝව පහතින්..

meet-couple-who-sings-in-new-style


වීඩියෝව සමිත් මීගොඩ

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුක විකුණන මිනිසුන් මැද ජීවිත ගීතයට මියුරු තාලයක් සොයන ආදරණීය තරුණ යුවළ"

    Post a Comment