01 September, 2017

පාකිස්තාන ක්‍රීඩක ෂාජිල් ඛාන්ට වසර 5ක තහනමක්

sharjeel-khan
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂාජිල් ඛාන්ට වසර 5ක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ වසරේ පැවැති පාකිස්තාන සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවකු වීම හේතුවෙන් ෂාජිල්ට මේ දඬුවම පැනවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය කියයි.

මෙහිදී ඔහුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා 5ක් එල්ල වී තිබෙන අතර ඒවාට ඔහු වැරදිකරු වී තිබේ. තවත් පාකිස්තාන ආරම්භක පිතිකරුවකු වන කලිඩ් ලතීෆ්ද තරග පාවාදීමේ චෝදනා එල්ල වීම හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට තරග තහනමකට ලක්කර තිබෙන අතර ෂාජිල්ගේ දඬුවමද එදින සිට ක්‍රියාත්මක වෙයි.

28 හැවිරිදි ෂාජිල් පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයක්, එක්දින තරග 25ක් හා විස්සයි20 තරග 15ක් ක්‍රීඩා කර ඇත.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී ඔහු නියෝජනය කළේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමයි. (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාකිස්තාන ක්‍රීඩක ෂාජිල් ඛාන්ට වසර 5ක තහනමක්"

    Post a Comment