01 September, 2017

බේනසීර් භූතෝ ඝාතන සැකකරුවන් නිදහස්

basesier-bhutto
පාකිස්තානයේ හිටපු අගමැතිනි බේනසීර් භූතෝ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් නිදොස් කර නිදහස් කිරීමට එරට අධිකරණයක් තීන්දු කරයි.

අධිකරණය නිවේදනය කළේ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවය.

ඝාතනය වැළැක්වීමට අපොහොසත් වීම මත නොතකා කටයුතු කිරීමේ චෝදනා යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුට වසර 17 බැගින් සිර දඬුවම් නියම කිරීමටත් අධිකරණය කටයුතු කළේය.

එවැනිම චෝදනා එල්ලවූ හිටපු ජනාධිපති ජනරාල් පර්වේස් මුෂාරෆ් අධිකරණයෙන් ක්‍රියාදාමයෙන් පළා ගොස් ඇතැයි ප්‍රකාශයට පත් වූ අතර ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට ඉඩ ඇත.

2007 වසරේ රාවල්පින්ඩිහි පැවති රැළියකින් අනතුරුව එල්ල වූ වෙඩි සහ බෝම්බ ප්‍රහාරයකින් හිටපු අගමැතිනිය මරණයට පත් විය.

පාකිස්තාන දේශපාලන වේදිකාවේ ප්‍රබල චරිතයක් වූ බේනසීර් භූතෝ දෙවරක්ම එරට අගමැති ධුරය දරා ඇත.(බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බේනසීර් භූතෝ ඝාතන සැකකරුවන් නිදහස්"

    Post a Comment