07 August, 2017

ලෝක වෙළඳපොලේ තෙල් තවත් නගී

trinco-oil-tank-farm

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයා වන ඇමරිකාවේ ආර්ථිකය පිළිබඳ සුබවාදී සළකුණු සමඟ ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යාමක් සති අන්තය වනවිට වාර්තාවුණා.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 52 යි ශත 42 කට අලෙවි වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 50 කට ආසන්නවයි.

කෙසේ නමුත් මෙම කාර්තුව තුළ තෙල් මිලෙහි පහත වැටීමක් අපේක්ෂා කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

එමෙන්ම වසරේ අවසන් කාර්තුවේදී තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 54 ක් පමණ වනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර තෙල් නිෂ්පාදනය තවදුරටත් කප්පාදු කර තෙල් මිල ශක්තිමත් කරලීම සම්බන්ධයෙන් ඔපෙක් සහ ඔපෙක් නොවන රටවල තාක්ෂනික කමිටු හෙට සහ අනිද්දා අබුඩාබියේදී රැස්වනවා. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝක වෙළඳපොලේ තෙල් තවත් නගී"

    Post a Comment