05 August, 2017

රුපියලට සිදුවූ දේ මෙන්න

one-rupee-sri-lanka

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වසරේදී සියයට 2 යි දශම 5 කින් පමණ අවප්‍රමාණ වී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

දේශීය උද්ධමනයට සරිලන පරිදි එය තවත් සුළු ප්‍රමාණයක් අවප්‍රමාණ විය යුතු බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

රුපියල ශක්තිමත් වීම ආර්ථිකයේ හෝ ජනතාවගේ අවශ්‍යතාවක් නොවේ.

එසේ දේශීය විනිමය ශක්තිමත් වන විට විදේශීය නිෂ්පාදකයන්ට වැඩි වාසියක් අත්වන්නේ නිතැතින්.

මේ නිසා තරඟකාරි විනිමය අනුපාතයක් පවත්වාගෙන යාම වැදගත් වන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කරනවා.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය තුලින් මේ වසරේ දෙසැම්බර් වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවූ ආයෝජන හිමිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රුපියලට සිදුවූ දේ මෙන්න"

    Post a Comment