13 August, 2017

තේ නිෂ්පාදන අන්තර්ජාලය ගෙනියන්න අලිබාබා සමඟ සාකච්ඡා

tea-estate
FilePhoto/Tea Estate Sri Lanka
මෙරට තේ නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ ඊ - වාණිජ දැවැන්තයා වන අලිබාබා සමූහය සමඟ සාකච්ඡා පවත්වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන සඳහන් කළේ මෙරට තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා අලෙවිය ඉහළ නැංවිය යුතු බවයි.

සිලෝන් ටී ලෙස ප්‍රකට ශ්‍රී ලංකා තේ කර්මාන්තයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් කොළඹ පැවති ජාත්‍යන්තර තේ සමුළුවට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව සඳහන් කළා.

එමෙන්ම තේ නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාල අලෙවිය ඉහළ නැංවීම සඳහා දිරිගැන්වීමට ද අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරනවා.

තේ අලෙවිකරණය සඳහා සමාගම් සිදුකරන වැය දැන් අවම මට්ටමක පැවතීම ඊට හේතුවයි.

සිල්ලර අලෙවි ජාලයන් සහ පාරිභෝගිකයන් සමඟ ඍජුව සහයෝගයක් ගොඩනගා ගැනීම සඳහා රජයට මැදිහත් විය හැකි බව ද අපනයන සංවර්ධන මණ්ඩයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියා. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තේ නිෂ්පාදන අන්තර්ජාලය ගෙනියන්න අලිබාබා සමඟ සාකච්ඡා "

    Post a Comment