06 August, 2017

නදීෂත් එක්ක සිල් බිඳගත්ත මධුර දැන් දිනක්ෂියි තාරුකයි එක්ක...

nadeesha-hemamali-sil-bindagaththa-04

මධුර ප‍්‍රියදර්ශන පීරිස් නමැති මේ කඩවසම් තරුණයා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ 2012 දී මිස්ටර් ශ්‍රී ලංකා හෙවත් මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගය ජයග‍්‍රහණය කළ නිසයි. ඉන්පසුව නිරූපණ ක්‍ෂ්ත‍්‍රයේ ඉහළ ඉල්ලූමක් ඇති වූ මධුර 2013 දී ආසියාවේ හොඳම නිරූපණ ශිල්පියා ලෙස ජයග‍්‍රහණ ලැබුවා. ඉනික්බිතිව 2015 දී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පීන් 8 දෙනා අතරට ඒමටත් මධුරට හැකි වුණා. දැන් වැඩි දෙනා ඔහු ගැන කතා කරන්නේ හිරු ටීවී ඔස්සේ විකාශය වන ප‍්‍රභාත් රෝෂණගෙ ”කවුරුන්ද නුඹ මගේ” නාට්‍ය මාලාව නිසයි. එහි ”වීර්” වූ මේ මධුර සමගයි අද සඳැල්ල කතා බහ.

මධුර ඉගෙන ගන්න කාලයේදී හරි ගණංකාරයෙක්ලූ නේද?

ඔබ හිතන විදියෙ ගණංකාරයෙක් නම් නෙවෙයි. ගණිත විෂයට නම් බෙහෙවින් ආසා කළා.

ගණිත අංශයෙන් ඉදිරියට යන්න ඕනෑ වුණේ?

ඇත්තෙන්ම ඔව්. ගණිත අංශයෙන් තමයි උසස් පෙළ කළෙත්.

ගණිත අංශයෙන් ඉදිරියට යෑම නවතා නිරූපණ අංශයෙන් ඉදිරියට යාමට ගෙදරින් අවසර ලැබුණද?

ගෙදර ඔක්කෝමලා දන්නවා මම කවදාවත් වැරදි තීරණ ගන්නේ නැති බව.

ඒ කියන්නේ ඔබ නිතරම හරි තීරණ ගන්න කෙනෙක්ද?

එහෙම නේද වෙන්න ඕනෑ.

ගණිත අංශයට දක්ෂ වෙච්ච ඔබ කොහොමද නිරූපණයට ආවේ?

2012 මිස්ටර් ශ්‍රී ලංකා හෙවත් මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් ජයග‍්‍රහණයෙන් පසුව නිරූපණ ක්‍ෂේත‍්‍රයට ආරාධනා ලැබුණා. නිරූපණ ක්‍ෂේත‍්‍රයට අඩිතාලම වැටුණේ ඉන්පසුවයි.

අද නිරූපණ ශිල්පියෙකු ලෙස ඔබට සෑහෙන ඉල්ලූමක් තියෙන්නෙ, කිව්වොත්?

නිරූපණ ක්‍ෂ්ත‍්‍රය කියන්නේ මගේ ජීවිතයට අහම්බයෙන් වැටුණු පාරක්.

ඉතින් ඒ මාර්ගයේ යද්දී ඉල්ලූම වැඩි වුණාම නිරූපණ ක්‍ෂේත‍්‍රයේ බොහෝ දේ ගැන දැනගන්න, හදාරන්න වගේම අත්දැකීම් ලබා ගන්න උනන්දු වුණා. ඇත්තටම අද වන විට ඒ ක්‍ෂේත‍්‍රයේ කාර්ය බහුල වීමට සිදුව තිබෙනවා.

ඒ අතරේ රඟපෑමට ආවේ?

ඇත්තටම රඟපෑම ගැන මම මුලදී හිතලා තිබුණෙ නැහැ. නමුත් සිනමාවට බෙහෙවින් ආසා කළා. ප‍්‍රභාත් රෝෂණ අයියා පිටපතක් ලබා දීලා මට මේ නාට්‍යයේ රඟපෑමට ආරාධනා කළා. පිටපතටත් මගේ හිත ගියා. චරිතයත් මට හොඳින් ගැළපුණා.

රඟපෑමට ගියාම ඒ මුළු නාට්‍ය කණ්ඩායමම මට ලබා දුන්නේ ලොකු සහයෝගයක්. එයාලා මාව රඟපෑමට උනන්දු කළා. ඒ නිසා මාත් ආසාවෙන් ඒ චරිතය කළා. මට රඟපාන්න ලැබුණේ ප‍්‍රවීණයින් එක්ක. එයාලගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළයි.

වීර් ගැන ඔබට හැෙඟන්නේ කොහොමද?

බොහෝම තැන්පත්, ගුණගරුක පුද්ගලයෙක්. මම ඒ චරිතයට බෙහෙවින් ආසයි.

”වීර්”ට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ඒ ගැන ඇත්තටම කියන්න සතුටුයි. ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ. බොහෝ දෙනා කැමති චරිතයක් වග ඒ ප‍්‍රතිචාරවලින් කියන්න පුළුවනි.

ගැහැණු ළමයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර වැඩියි කියලා තමයි ආරංචි?

භේදයක් නැහැ. හැමෝගෙන්ම හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ.

”කවුරුන්ද නුඹ මගේ” නාට්‍යයෙන් පසුව තවත් බොහෝ ආරාධනා ලැබෙන්න ඇති?

ආරාධනා නම් ලැබෙනවා. ඒත් මගේ කැමැත්ත තියෙන්නෙ තෝරා බේරාගෙන මට කළ හැකි හොඳ චරිත විතරක් බාර ගැනීමයි. හොඳ නිර්මාණ ආවොත් අනිවාර්යෙන්ම බාර ගනීවි. ඒත් මගේ විශේෂ කැමැත්ත තියෙන්නේ සිනමාවටයි. සිනමාවේ චරිත සඳහා ආරාධනා ලැබෙමින් පවතිනවා. ඒ චරිත සමග සිනමාවේ හොඳ ගමනක් යන්න මම ආසයි.

විශේෂයෙන් කැමති චරිත තියෙනවද?

පිටපත ප‍්‍රබල එකක් වුණොත් මට හිතන්නේ එහි ඇතුළත් චරිතත් ප‍්‍රබල වේවි. චරිත බොහෝමයක් බාර ගන්නවාට වඩා එක් හොඳ චරිතයක් ඉඳහිට රඟපෑවත් ඇති.

නිරූපණ ශිල්පියෙකුට ලාංකීය සමාජයේ ආර්ථික වටිනාකමක් තියෙනවාද?

තමුන්ට ලැබෙන වටිනාකම රැුක ගෙන, තමුන්ට ලැබෙන ආර්ථිකය කළමනාකරණය කර ගැනීම තමුන් අතේ තියෙන වැඩක්. මොන ක්‍ෂේත‍්‍රයක හිටියත් තමුන් කළ යුත්තේ එහෙමයි.

බොහෝ දෙනෙක් කියන්නේ ”මධුර” හොලිවුඞ් සිනමාවට ගැළපෙන මුහුණක් කියලයි. ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද?

අපේ රටේ බොහෝ නිරූපණ ශිල්පීන් ජාත්‍යන්තර තලයට දැනටමත් ගිහින් තිබෙනවා. ජාත්‍යන්තරව ඔබ කියන එවැනි අවස්ථාවක් ලැබුණොත් මම මට හැකි උපරිමය කරන්න උත්සාහ ගන්නවා.

ඔබ කොහොම කෙනෙක්ද?

සැබෑවටත් මම ඒ වගේ කෙනෙක්. කොහොම වුණත් මා ගැන මම වර්ණනා කර ගන්න කැමති නැහැ.

මධුරගෙ පාසල් සමය ගැන කිව්වොත්?

මම ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. ඉගෙනීමට අමතරව ක‍්‍රීඩා අංශයටත් දක්ෂතා පෙන්වුවා. විශේෂයෙන්ම මලල ක‍්‍රීඩා අංශයට මම බොහෝම උනන්දු වුණා.

මධුර ජීවිතය ගැන හිතන්නේ කොහොමද?

ජීවිතය සුන්දර හෝ අසුන්දර කර ගැනීම තියෙන්නේ තමුන් අතේමයි. ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන ඊට වටිනාකමක් දීම තමයි කළ යුත්තේ.

”ආදරය” ගැන හිතන්නේ කොහොමද?

ආදරය කියන්නෙ සෑම කෙනෙකුටම අවශ්‍ය සුන්දරම දෙයක්.

කලාව ගැන හිතන්නේ මොන විදියටද?

නිරන්තරයෙන් හදාරමින්, අත්දැකීම් ලබමින් අනෙක් අයගේ රස වින්දනය සඳහා තමුන්ගේ හැකියාවන් පෙන්වීමට ලැබුණු මහඟු අවස්ථාවක්. මාත් ඉගෙන ගනිමින්, රස වින්දනය ලබමින්, අත්දැකීම් ලබමින් කලාවේ හොඳ දේ කරන්න උත්සාහ ගන්න කෙනෙක්. කලාව ගැන ලොකු විග‍්‍රහ කරන්න තරම් මම තවම කලාව වෙතින් බොහෝ අත්දැකීම් ලබාගෙන නැහැ. 

Madura Priyadarshana Peiris - 11
Madura Priyadarshana Peiris - 10
madura-priyadarshana-01
madura-priyadarshana-peiris-02
madura-priyadarshana
madura-priyadarshana-03
nadeesha-hemamali-sil-bindagaththa-02

(සාරවිට)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නදීෂත් එක්ක සිල් බිඳගත්ත මධුර දැන් දිනක්ෂියි තාරුකයි එක්ක..."

    Post a Comment