09 August, 2017

"16ක එක්කෙනෙක් වරුවක් දෙන්නම් - රූම් එකත් අරන් දෙන්නම් ගාණ රු15000යි" - පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ගම්පහ අමුතු ජාවාරම


TITLE
බාලවයස්කාර දැරිය පෙන්වීම සඳහා ජාවාරම්කරු අපට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ මල්වාන ප්‍රදේශටයි
පාසල් යන වයසේ පසුවන බාල වයස්කාර දැරියන් ගණිකා සේවයේ යොදවන රහසිගත ජාවාරමක් ගම්පහ - දොම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට හිරු සි.අයි.ඒ. වෙත රහසිගත තොරතුරක් ලැබුණා.


දින ගනණනාවක් අදාළ ප්‍රදේශයේ ගැවසෙමින් හිරු සි.අයි.ඒ කණ්ඩායම මෙම ජාවාරමේ තොරතුරු එක්රැස් කළා.

ඒ අනුව දැරියන් ගණිකා ජාවාරමේ යොදවන ත්‍රි රෝද රථ රියදුරු සමග සුක්ෂම හිතවත්කමක් ගොඩනගාගත් අප දුරකතන ඇමතුමක් හරහා ඔහු හා සම්බන්ධ වුණා.

බාලවයස්කාර දැරිය පෙන්වීම සඳහා ජාවාරම්කරු අපට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ මල්වාන ප්‍රදේශටයි.

බාලවයස්කාර දැරියන් අපචාරයේ යෙදවීමේදී කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි ඇය රැගෙන යන ත්‍රිරෝද රථයේ වයස්ගත කාන්තාවක් ද රැගෙන දැරියගේ මව ලෙස හඟවමින්.

හිරු සී.අයි.ඒ. මෙම ජාවාරම රටට හෙළි කිරීමට කටයුතු කළේ හෙට දිනයේ තවත් පාසල් යන වයසේ දැරියන් මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වීම වැළැක්වීමටයි.

ඒ අනුව පානදුර වළාන දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත මෙම ජාවාරම වැටලීමට කටයුතු කෙරුණා.

වැටලීම සිදුකළ ආකාරය හෙට හිරු සී.අයි.ඒ. තුළින් ගෙන ඒමට අප සූදානම්.

වීඩියෝව පහතින්..



(හිරුගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""16ක එක්කෙනෙක් වරුවක් දෙන්නම් - රූම් එකත් අරන් දෙන්නම් ගාණ රු15000යි" - පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ගම්පහ අමුතු ජාවාරම"

    Post a Comment