10 August, 2017

මේ නිපදවෙන්නේ ඔබට අත්‍යවශ්‍යම දුරකථනයද?

essential-smart-phone
FilePhoto
සන්නාමයේ නම තිබෙනා ආකාරයටම මේ දුරකථනයේ විශේෂාංග බැලූ පසු මෙය මෙතෙක් සමාජයට අවශ්‍යම තිබූ උපාංගයදැයි හැ‍ඟෙයි. ඒ එම උපාංගයෙහි තාක්ෂණික ලෝලී මෙන්ම ගේම්, චිත්‍රපට, සංගීත, කාර්යාලීය වැඩකටයුතු, කැමරා ලෝලී සියල්ලන්ගේම අවශ්‍යතා සපුරා ඇති හෙයිනි. ටයිටේනියම් රාමුවකින් සකසා ඇති උපාංගයේ තිරය සම්පූර්ණ උසින් 85%ක් දක්වා පැතිරී තිබීම සුවිශේෂය. සාමාන්‍යයෙන් ස්මාට් ෆෝනයක තිරය ඇති පස ඉහළින් සහ පහළින් සැළකිය යුතු ඉඩක් බෙසල් වෙනුවෙන් වැය වෙයි. බොහෝ උපාංග මේ ‍වන විටත් පරීක්ෂණ කරමින් ඇත්තේ මෙම ඉඩ සම්පූර්ණයෙන්ම තිරයට ලබාදීම වෙනුවෙනි.

බාහිරින් මතක ඇතුළත් කළ නොහැකි මුත් අභ්‍යන්තරිකව ගිගාබයිට් 128ක මතකයක් අන්තර්ගතය. Snapdragon 835 පද්ධතියකින් බලගැන්වෙන මෙයට Li-Ion 3040 බැටරියකින් ජවය සැපයෙයි. ගිගාබයිට් 4ක රැම් අගයක්ද අන්තර්ගතය. Android 7.1 මගින් මෙහෙයුම් සිද්ධ කෙරෙනු ඇත.

කැමරා පද්ධතීය අද්විතීයය. Dual 13 MP, f/1.9, phase detection සහ laser autofocus, LED flash සමග Geo-tagging, touch focus, face detection, HDR, panorama විශේෂාංග කැමරා පද්ධතියට ඇතුළත්ය. Stellar Gray, Ocean Depths, Black Moon, Pure White වර්ණයන්ගෙන් නිකුත්වනු ඇති මෙම උපාංගය සන්නාමයෙන් අලුත් සමාගමක නිෂ්පාදනයක් වුවත් එහි අඩංගු තාක්ෂණයේ ගුණාත්මක බව නිසාම මිලෙන් තරමක් අධික වනු ඇත. (රච්න්ත ජයවර්ධන-අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මේ නිපදවෙන්නේ ඔබට අත්‍යවශ්‍යම දුරකථනයද? "

    Post a Comment