06 August, 2017

උණු වතුරේ විනෝදය

Fun in hot water

ජපානයේ ගිනිකඳු පවතින නගරයක් වන බිලාපුහි ලොව ප්‍රථම වරට උණු ජලය සහිත නාන තටාකවලින් යුත් විනෝද උද්‍යානයක් ඉදි කර ඇත. මෙය විනෝද උද්‍යානයක් පමණක් ම නොව ශරීර සම්භාහනය සඳහා සුදුසු ජල උද්‍යානයක් ලෙසින් ද හඳුන්වනු ලබයි.

පෙණ නගින තරමටම අධික උණුසුම් ජලය සහිත තටාකයක රෝලා කෝස්ටරය( ජල ක්‍රීඩා යන්ත්‍රය) මෙහි ඇති සුවිශේෂී විනෝද අංග අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී. තවද රෝලා කෝස්ටරය නිර්මාණය කර ඇත්තේ එය ධාවනය වන විට සබන් පෙණ මිනිසුන්ගේ සිරුරු මත පතිත වන ආකාරයට ය. මින් පෙර කිසිඳු ජල උද්‍යානයක දක්නට නොතිබූ එම අත්දැකීම මෙම උද්‍යානයේ දී දැක ගත හැකි වීම පිළිබඳව ජපන් සංචාරකයින් පමණක් නොව විදෙස් සංචාරකයින් ද තම සතුට ප්‍රකාශ කර ඇත.

වර්තමානයේ දී ජපානයේ සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව ප්‍රධාන විනෝද උද්‍යානය වශයෙන් තෝරා ගන්නා මෙය ඒකාකාරී ජීවන රටාවන්ගෙන් මිදී කායික මානසික සුවය ලබා ගැනීම සඳහා තෝරා ගන්නා ලොව ප්‍රකට ජල උද්‍යාන අතරින් ද ප්‍රමුඛස්ථානය ගනී.

ගිනිකඳු හේතුවෙන් බීලාපු නගරයට පැමිණීමට බිය වී සිටි ජනයාට නොබියව යම් ආස්වාදයක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම නගරයේ නගරාධිපති යෂුහිරෝ නගානෝ මෙම උද්‍යානයේ දී හිමිවන විශේෂ වරප්‍රසාද ඇතුළත් කරගනිමින් නිර්මාණය කළ විඩීයෝ පටයක් පසුගිය වසර අවසානයේ දී යු ටියුබ් සමාජ ජාලය වෙත මුදා හැර ඇත.

මිලියනයකටත් වඩා අධික ජනතාවක් එය නරඹා ඇත. ඉන් අනතුරුව ජපාන වැසියන් තම ප්‍රීතිය සැමරීම සඳහා මෙම ස්ථානයට පැමිණ උත්සව පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම උද්‍යානයේ දිනකට ජලය ටොන් 130,000 කට අධික ප්‍රමාණයක් ජල තටාකවලට බෙදා හැරේ. එමඟින් මෙහි පැවතිය යුතු දැඩි උණුසුම් ස්වභාවය රඳා පවත්වා ගනු ලබයි. බීලාපු නගරයෙහි තිබෙණ උණු දිය උල්පත් කිහිපයක් ද මෙම උද්‍යානයේ නාන තටාකවලට සම්බන්ධ කර ගෙන ඇත. මෙම ජල උද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහා ජපන් ජනතාව ස්වේච්ඡාවෙන් 'යෙන් 750000' ක මුදල් ප්‍රමාණයක් ලබා දී ඇත.

උද්‍යානය භාර පරිපාලන නිලධාරින්ට අනුව පසුගිය වසරේදී මෙහි පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය 437,764 කි. ඉදිරි කාලයේ දී සංචාරකයින්ට ලබා දෙන සුවිශේෂී අංගෝපාංග හේතුවෙන් 2020 දී මෙහි පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය මිලියන 40 ඉක්මවා යනු ඇති බව උද්‍යාන භාර පරිපාලකයින් අනාවැකි පළ කරයි. (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උණු වතුරේ විනෝදය"

    Post a Comment