18 August, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට බිස්කට් තහනමක්...! - ක්‍රීඩකයෝ බඩු පොළවේ ගසමින් විරෝධයක ?

cricketers biscut banned
FilePhoto
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ‘ක්‍රීඩාගාරය තුළදී බිස්කට් ආහාරයට ගැනීම‘, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ විසින් තහනම් කොට ඇති බව වාර්තාවෙයි.

පුහුණුකරුගේ හා භෞතික චිකිත්සකවරයාගේ ඉල්ලීම මත මෙය සිදුකළ බව ඔහු පවසයි.

මේ නිසා අසංක ගුරුසිංහ හා ක්‍රීඩකයින් අතර මත ගැටුමක් ඇතිවූ බවත්, පිඟන් බඩු ආදිය පොළවේ ගසමින් ක්‍රීඩයින් මීට විරෝධය එල්ල කළ බවත් වාර්තා පළවිය.

කෙසේ වෙතත් එම වාර්තා ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් කළමණාකරවරයා, ..‘ කිසිදු ක්‍රීඩකයෙකු හෝ සේවකයෙකු සමග මත ගැටුමක් ඇතිවුණේ නැහැ. ක්‍රීඩාගාරයේ බිස්කට් තිබෙනවා කියලා ක්‍රීඩකයින් පවා දැනගෙන සිටියේ නැහැ.. ක්‍රීඩකයන් මේ කතාව දැනගත්තට පස්සේ මට කතා කරලා දුක්වෙන්න එපා කිව්වා.. මේ කතාව බොරු කියලත් එයාලා මා සමග ඉන්නවා කියලත් පැවසුවා‘‘ යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

ඉල්ලා අස්වීමේ තීරණයක් පිළිබඳ පළවු වාර්තාද මෙහිදී ඔහු ප්‍රතික්ෂේප කළේය.

අසංක ගුරුසිංහ 2019 තෙක් ශ්‍රීලංකා ක්‍රිකට් කළමණාකරු ලෙස කටයුතු කිරීමට නියිමිතව ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට බිස්කට් තහනමක්...! - ක්‍රීඩකයෝ බඩු පොළවේ ගසමින් විරෝධයක ?"

    Post a Comment