අමෙරිකාවේ නාසා ආයතනයේ අමුතුම මාදිලියේ රැකියා අවස්ථාවක් සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබේ. මේ රැකියාව ලබාගන්නා තැනැත්තාට අයත් රාජකාරිය වන්නේ පිටසක්වල ජීවීන්ගෙන් මෙලොව රැක ගැනීමය.
NASA හි අලුත් රැකියාව සඳහා සුදුසුකම් ලබන තැනැත්තාට ඉලක්කම් හයක එනම් කෝටි ගණනක වැටුපක් වාර්ෂිකව වෙන්කර තිබේ. එය ඩොලර් 187,000කි. සේවාකාලය වසර තුනක් වන මේ කොන්ත්‍රාත්තුව තවත් වසර දෙකකට දිගු කිරීමටද අවස්ථාව තිබේ.
මේ අමුතු රැකියාව හඳුන්වන්නේ ග්‍රහතල ආරක්ෂක නිලධාරි (Planetary Protection Officer – PPO) ලෙසිනි. පෘථිවියෙන් පිටතට යන අභ්‍යවකාශ යානයන්ගේ සහ පිටත සිට පොළොවට එන යානාවන් මගින් පිටසක්වල වෙත මහපෙළොවේ ජීවීන් හෝ මහපොළොව වෙත පිටසක්වල ජීවීන් හෝ රැගෙන යාම වැළැක්වීම මෙහි

අරමුණලු! පිටසක්වල ජීවීන්යයි කී විට අපට සිහිපත් වන්නේ හොලිවුඩ් චිත්‍රපට සහ විද්‍යා ප්‍රබන්ධ කතාවල එන අමුතු ජීවීන්ය.

නමුත් මහ පොළොවේ නොවන ඕනම ආගන්තුක ජීවයක් එනම් වෛරස දිලීර බැක්ටීරියා බඳු ද්‍රව්‍යයක් හෝ ජීවය තැනීමට මූලික වන කාබනික මූලද්‍රව්‍යද පිටසක්වල ජීවද්‍රව්‍ය ලෙස මෙහිදී පෙන්වා දී තිබේ නිලධාරියාගේ කාර්යභාරය වන්නේ මේ තත්ත්වය නියාමනය කිරීමය.
බ්‍රහස්පතිගේ චන්ද්‍රයකු වන හිම පිරි යුරෝපාද ඇතුළුව අභ්‍යවකාශය පුරා ගමන් රාශියක් NASA ඉහත කී නිලධරයාගේ ඉදිරි සේවා කාලය තුළ සංවිධානය කර තිබේ. NASA මෙම ගමන් යන්නේද පිටසක්වල ජීවන් ඇතිදැයි සෙවීමටය. එහෙයින්ම මේ නිලධරයාට වැඩ බහුල කාලයක් එනවා නිසැකය. (දේශය)

Share this
|
|
0 Comment to "පිටසක්වලයන් අල්ලන්න NASA Job එකක්"
Post a Comment