ඔක්සිජන් සැපයුම අඩාල වූ බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් පිළිගෙන ඇති නමුත් මෙම ළමුන් මිය යාමට එය හේතුවක් වී නොමැති බව ඔවුහු පවසති.
අතින් ක්‍රියා කරවන ශ්වසන ආධාරක මගින් ළමුන්ට ඔක්සිජන් ලබා දීමට සාත්තු සේවිකාවන් උත්සාහ දරමින් සිටි බවත් ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක් පැවතුණු බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
src="https://etthapics.files.wordpress.com/2017/08/60-indian-children-die-without-oxygen-02.jpg" width="400">ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක්/AFP මිය ගිය ළමුන්ගෙන් වැඩි පිරිස අලුත උපන් බිළිඳු දරුවෝ වෙති.
මෙම ළමුන් පිරිස මිය ගොස් ඇත්තේ පසුගිය සඳුදා පටන් දින පහක් ඇතුළත ය. රෝහල් බලධාරීන් පවසන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ පමණක් ළමුන් තිස් දෙනෙකු පමණ මිය ගිය බවය.
ඔක්සිජන් සැපයුම්කරුට මුදල් ගෙවීම පමාවීම හේතුවෙන් ප්‍රශ්නයක් මතුවී තිබුණු බව දිස්ත්‍රික්ක බලධාරී අනිල් කුමාර් හෙළිදරව් කළ නමුත් ඔහු කියා සිටියේ බොහෝ ළමුන් "අසාධ්‍ය තත්වයෙන්" සිටියදී රෝහලට ඇතුළත් කර තිබීම නිසා "සවාභාවික හේතූන් මත" මෙම ළමුන් මිය යන්නට ඇති බවය.
"අපිට අද රාත්‍රියේ හෝ හෙට වනවිට අලුතින් ඔක්සිජන් සිලින්ඩර ලැබෙනවා. සැපයුම්කරුට ගෙවීමට තිබු මුදල් ද නිදහස් කර තිබෙනවා." යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියේය. (බීබීසී)

Share this
|
|
0 Comment to ""ඔක්සිජන් නොමැතිව" කුඩා දරුවන් 60 දෙනෙකු මරුට"
Post a Comment