25 August, 2017

තරංගට තරඟ තහනමක් - කපුගෙදර නායකත්වයට - තරිමාන්න හා චන්දිමාල් යළි සංචිතයට

upul-tharanga-chamara-kapugedera
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස නායක උපුල් තරංගට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.

ඒ ඊයේ සංචාරක ඉන්දීය කණ්ඩායමත් සමඟ පල්ලේකැළේ ක්‍රීඩාංගනයේ පැවති එක්දින තරඟයේදී පන්දුවාර 50 නියමිත කාළවේලාව තුළ දමා අවසන්කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි හා සිවුවැනි එක්දින තරග දෙක මෙහෙයවීමේ වගකීම චාමර කපුගෙදර වෙත පැවැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඊයේ තරඟය අතරතුර ධනුෂ්ක ගුණතිලක උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ළහිරු තිරිමාන්නද කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙන අතර අංක හතර ස්ථානයේ ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් යොදා ගැනීමටද තීරණය කර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරංගට තරඟ තහනමක් - කපුගෙදර නායකත්වයට - තරිමාන්න හා චන්දිමාල් යළි සංචිතයට"

    Post a Comment