25 August, 2017

හනිමූන් එක පැත්තක තියලා ටීම් එක ගොඩගන්න ආපු හැටි අකිල ලෝකෙටම කියයි

akila-dananjaya
ඊයේ (24) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟයේ වීරයා බවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයයි.

ඔහුගේ විශ්මිත පන්දුයැවීම හමුවේ ඉන්දියාවේ ප්‍රභල ක්‍රීඩකයින් රැසක්ම අසරණ වූ අතර පන්දු ඕවර 10දී ඔහු කඩුලු 6ක් දවා ගැනීමට සමත්වුණා.

අකිල තරඟයට පෙරදින විවාහ දිවියට පිවිසුණු අතර ඒ අතර හදිසියේම කණ්ඩායමට පැමිණ දැක්වූ දක්ෂතාව පිළිබඳව තරඟයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධානයේදී නිවේදකයා විසින් ප්‍රශ්න කර සිටියා.


ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයත් යුගදිවියට (Photos)


ඔහු එහිදී දැක්වූයේ මෙවන් අදහසක්,

”ඊයේ (23) වෙඩින් එක තිබ්බා, හරියට පුහුණු වෙන්නත් බැරිවුණා, රෑ තමයි නුවරට ආවේ, විකට් 6ක් අරගෙනැත් මැච් එක දිනන්න බැරිවුණු එක ගැන ගොඩක් දුකයි, දින්නානම් අද ගොඩක් සතුටින් යනවා”

අකිල තරඟේ වීරයා වීමෙන් අනතුරුව අදහස් දක්වමින්.


අකිල කඩුලු ලබා ගත් අවස්ථා පහතින්.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හනිමූන් එක පැත්තක තියලා ටීම් එක ගොඩගන්න ආපු හැටි අකිල ලෝකෙටම කියයි"

    Post a Comment