04 July, 2017

පාලු ගෙදර පැත්තෙන් කෙඳිරිලි සද්දයක් ආවා - යක්කු ඇති කියලා හිතලා අපි ඉක්මනට ගියා - විද්‍යා ඝාතනයේ දැරියගේ සාක්ෂි

Vidya Murder-06

යාපනය,පුන්කුඩිතිව් 9 වැනි පටුමඟ ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ 13 හැවිරිදි දරුවකු සාක්ෂි ලබා දීම සිදු කර තිබෙනවා.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මනික්කවාසාගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ ශාක්ෂි විමර්ශනය ඊයේ (03) සිදු කරනු ලැබූවා.

එම අවස්ථාවේදී අදාළ මනිවන්නන් දනුරාම් නමැති දරුවා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී සාක්ෂි ලබා දෙමින් පැවසුවේ,

"මමත්, මගේ යාළුවත් පාපැදියෙන් පාසැල් යමින් සිටින විට, මගේ යහළුවාගේ සෙරෙප්පුව ගැලවුණා. යහළුවාගේ සෙරෙප්පුව ඇහිඳගන්න මම ගියා. මම සෙරෙප්පුව ඇහිඳීන්න ගියපු වෙලාවේ කෙඳිරිලි සද්දයක් ඇහුනා. මම බය වුණා. එතැන පාළු ස්ථානයක් හින්දා යක්කු ඇති කියලා අපි එතැනින් ඉක්මනට ගියා.

අපි යන අතරමඟ දෙවැනි විත්තිකුරු අදාල ස්ථානයේ පාරේ හිටියා" 

යනුවෙන් අදාල දරුවා විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබා දෙනු ලැබීය.

2015 මැයි 13 වැනිදා විද්‍යා සිසුවියගේ ඝාතනය සිදුවූ ස්ථානයට ආසන්නයේ සිදුවීමක් සම්බන්ධයෙන් අදාල දරුවා සාක්ෂි ඉදිරිපත් කර තිබුණා.

විත්තිකරුවන් වන පූබාලසිංගම් ඉන්ද්‍රකුමර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂීතරන්, තිල්ලෙනාදන් චන්ද්‍රහාසන්,සිවදෙවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් කුගදසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂීදරන් (ස්විස් කුමාර්) යන සැකකරුවෝ 9 දෙනාද අධිකරණය හමුවට ඉදිරිපත් කොට සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර රත්නම් මහතා, රජයේ නීතිඥවරුන් වන නිශාන්ත් නාගරත්නම් මහතා, ලක්සි ඩ සිල්වා සහ මාලිනි නිග්නේශ්වරන් මහත්මීහු පෙනී සිට තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ 1,2,3,5 සහ 6 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරංග බාලසිංහ සහ නීතිඥ මහින්ද ජයවර්ධන මහත්වරුද, 5 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආරුමුගම් රගුපති පිල්ලේ මහතාද, 4,7,8, සහ 9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සින්නරාසා කෙදිස්වර්නුන් මහතාද, විත්තිකරුවන් නැව දෙනා වෙනුවෙන්ම රජයේ නීතිඥ විග්නරාජා ජයන්තා මහතාද පෙනී සිටියා.

නීතිපති දෙපාර්තුමේන්තුව නියමයන් අනුව නඩු විභාගය නැවත අද දින (04) කැඳවීමට නියමිතයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාලු ගෙදර පැත්තෙන් කෙඳිරිලි සද්දයක් ආවා - යක්කු ඇති කියලා හිතලා අපි ඉක්මනට ගියා - විද්‍යා ඝාතනයේ දැරියගේ සාක්ෂි"

    Post a Comment