04 July, 2017

ගයන්තගේ කෙහෙල් ගෙඩිය ෆොටෝ ගහපු දුරකතනය CID ඇවිත්

Gayantha Karunathilaka Relief operation-02

අමාත්‍ය ගයන්ත කරුණාතිලකට අපහාස වන පරිදි සමාජජාල වෙබ් අඩවි මඟින් ඡායාරූප පළ කළ බවට සැක කෙරෙන පුද්ගලයා, ඒ සඳහා යොදාගත් බව කියන ජංගම දුරකතනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ඉකුත් ආපදා වකවානුවේ දී ආපදාවන්ට ලක්වූවන්ට අමාත්‍යවරයා විසින් කෙසෙල්ගෙඩි බෙදාදුන් බව හැඟවෙන පරිදියි අදාළ ඡායාරූප පළ කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ අතර විමර්ශන ආරම්භ වූයේ ඒ අනුවයි.

සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ප්‍රශ්නගත ඡායාරූප සිය මිතුරෙකු මඟින් තමන්ට ලැබුණු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. (neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගයන්තගේ කෙහෙල් ගෙඩිය ෆොටෝ ගහපු දුරකතනය CID ඇවිත්"

    Post a Comment