13 July, 2017

සුළු සේවකයින්ගේ කලිසම් ගැලවීම ගැන තිලංග කියන දේ

Thilanga Sumathipala - 05

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පසුගිය දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති පස්වන එක්දින තරඟයෙන් අනතුරුව ක්‍රීඩාපිටියේ සේවයේ නියුතු සුළු සේවකයින්ගේ කලිසම් නැවත ලබාගැනීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් දැක්වුවා.

එහිදී ඒ සුමතිපාල මහතා පැවසුවේ එම පුද්ගලයින් පඩියටම සේවය කරන්නන් නොවන බවත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කැමැත්ත වෙනුවෙන් ඔවුන් එලෙස තරඟ නරඹමින් සේවය කිරීමට පැමිණෙන්නන් බවයි.

සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් එම පුද්ගලයින්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් සමාවට වඩා මෙහිදී අවශ්‍යවන්නේ අදාළ අමනෝඥ ක්‍රියාව සිදුකළ නිළධාරින් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම බවයි ඇත්ත විත්ති අපගේ මතය වන්නේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුළු සේවකයින්ගේ කලිසම් ගැලවීම ගැන තිලංග කියන දේ"

    Post a Comment