13 July, 2017

ප්‍රාග්ධන වෙළෙඳපොළ හඳුන්වාදීමේ මහජන සම්මන්ත්‍රණ රැසක් දිවයින පුරා

capital market green-bonds

කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් කිහිපයක් මෙම මස (ජුලි) අනුරාධපුර, මීගමුව, රත්නපුර, මාතර, මහනුවර, කුරුණෑගල, අම්බලන්තොට, හා කොළඹ යන ශාඛාවන්හිදී පැවැත්වීමට නියමිතය.

2017 වර්ෂය තුල කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා ඇත. සියලු කොටස් මිල දර්ශකය 8.51% වර්ධනයක්ද, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 11.67% වර්ධනයක්ද පෙන්වා ඇත. එවන් වර්ධනයක් සමග දේශීය හා විදේශීය ආයෝජකයින් අතර වෙළෙඳපොළ කෙරෙහි ඇති උනන්දුවද වැඩිවෙමින් පවති.

අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ කාර්යක්ෂමව ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. 

මෙම වැඩසටහන් මාලාව පහත දිනයන්හි පැවැත්වෙන අතර වැඩි විස්තර සඳහා අනුරාධපුර ජුලි 13 සහ 27 - 025 2235244 / 0777 820546, මීගමුව ජුලි 13 - 031 2227861 / 0773060171, රත්නපුර ජුලි 18 සහ 27- 045 2232388 / 071 7097010, මාතර ජුලි 18- 041 2220095 / 0713871100, මහනුවර ජුලි 21 - 081 4474409 / 0773469466, කුරුණෑගල ජුලි 27- 037 4691802/4, 0773060173, අම්බලන්තොට ජුලි 27 - 047 2225462 / 0716273432, කොළඹ ජුලි 27 - 011 2356517/514, 011 2356512 අමතන්න. derana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රාග්ධන වෙළෙඳපොළ හඳුන්වාදීමේ මහජන සම්මන්ත්‍රණ රැසක් දිවයින පුරා"

    Post a Comment