බංග්ලාදේශ සුපිරි ක්‍රීඩක තමිම් ඉක්බාල්ගේ බිරිඳට එංගලන්තයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ලව ඇති බවට පුවතක් ප්‍රවෘත්ති වෙබ් අඩවි වලින් සහ සමාජජාලා මාධ්‍ය වලින් ප්‍රචාරය වෙමින් පවතිනවා.
නමුත් අප කළ සොයා බැලීම් වලින් තහවුරු වූයේ මෙම පුවත ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි .
එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තමීම් තරගවාරය නිම වීමට පෙර නැවත බංග්ලාදේශයට පැමිණ තිබෙනවා.
ඒ පෞද්ගලික හේතුවක් නිසා බව කියමින් . කෙසේ වෙතත් ඉන්දියානු පුවත්පත් වාර්තා කර තිබුනේ එංගලන්තයේදී හිජාබ් ඇදුමෙන් සැරසි අවන්හලකට ගොස් සිටි තමීම් ගේ බිරිඳට එංගලන්ත
ජාතිකයන් පිරිසක් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමට හඹා ගොස් ඇති බවයි . එම සිදුවීම නිසා කළකීරීමට පත්වූ තමීම් පෙරලා සිය පවුල සමග බංග්ලාදේශයට පැමිණ තිබෙන බව එම ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබුනා.
මෙම කටකතා වලට සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරු දී තිබෙන ටමීම් ඉක්බාල් පවසා සිටින්නෙ එවැනි සිදුවීම් කිසිවක් සිදු නොවු බවත් තමන් එංගලන්තයේ ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන බවත් ය.
තමීම් ගේ බිරිද යැයි ප්‍රචාරය වන ව්‍යාජ ඡායාරූපය.

(neth)

Share this
|
|
0 Comment to "සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් ?"
Post a Comment