14 July, 2017

සංගක්කාර කියනවා නම් පරීක්ෂණයක් තියන්න - 2011 ලෝක කුසලාන පරාජය සැකයි - වුණදේ වෙලාවට කියන්නම්

Sangakkara - Arjuna

අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා විසින්  විසින් තරමක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ 2011 ලෝක කුසලාන පරාජය සැක සහිත බවයි.

රණතුංග මහතා එහිදී පවසන්නේ එම තරගයේදී තමන්ද ඉන්දියාවේ සිට තරග විචාරයේ යෙදෙමින් සිටි බවත් අවසානයේ සිදුවූ දෙයින් තමන් කණස්සල්ලට පත් වූ බවයි.

තමන් දන්නා සියල්ල කරුණු සහිතව කෙදිනක හෝ රට හමුවට ඉදිරි පත් කරන බවත් කිසිම දිනක ක්‍රීඩකයෙකු පහත්කොට නොසලකන බවත් ඒ මහතා පවසනවා.

අවසානයේ රණතුංග මහතා පවසන්නේ සියල්ලට ප්‍රථම රටේ ක්‍රීඩාව ගැන සිතිය යුතු බවත් තමන්ගේ කළමණාකරුවන් ආරක්ෂා කිරීමට වඩා එය වැදගත් වන බවයි.

තවද 96 ලෝක කුසළානයේ ශ්‍රී ලංකාවේ පැවති තරඟ සඳහා පාකිස්තානය ඉන්දියාවද සමඟ ත්‍රස්ථවාදී ක්‍රියාකාරක්ම් සම්බන්ධයෙන් කිසිදු බියක් නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඒ මහතා පෙන්වා දනෙවා.

අදාළ වීඩියෝව පහතින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගක්කාර කියනවා නම් පරීක්ෂණයක් තියන්න - 2011 ලෝක කුසලාන පරාජය සැකයි - වුණදේ වෙලාවට කියන්නම්"

    Post a Comment