14 July, 2017

කුළුදුල් දරුවා දැක සතුට වැඩිවී ළය පැලී මියගිය අම්මා

Mother died heart attack - new Born Baby

විවාහයෙන් පස්සේ හැමෝගෙම බලාපොරොත්තුව තමන්ගෙම දරුවෙකුගේ සුරතල් සිනහව බලන්න.

ඒ වගේම තමයි අම්මා කෙනෙක් දසමාසයක් තමන්ගේ කුසයේ හැදුණු දරුවා මෙලොවට බිහිකරන්නේ දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙනයි.

ඉතින් ඒවගේ සතුටුදායක වෙලාවක ඒ සතුට දරාගන්න බැරිව මෙලොවින් සමුගත් මවක් පිළිබඳ කතාවක් තඹුත්තේගම ප්‍රදේශයෙන් අපිට අසන්න ලැබුණා.

තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි දිනූෂිකා සඳමාලි නමැති තිස්‌ එක්‌ හැවිරිදි මවක් තමයි මේ අවාසනාවන්ත මරණයට මුහුණපාලා තියෙන්නේ.

දිනුෂිකා සහ ඇයගේ සැමියා විවාහ වී වර්ෂ ගණනාවකට පසුවයි ඔවුන්ට ඔවුන්ගේ කුළුදුල් දරුවා ලැබිලා තියෙන්නේ.

දරුවා දැකීමෙන් අධික සතුටට පත්වෙලා ඇතිවූ හදිසි හෘදයාබාධයකට දිනුෂිකාට ජීවිතයෙන් සමුගන්න වෙලා.

මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක්‌ වශයෙන් සිදුවන බවයි දිනුෂිකාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා කියලා තියෙන්නේ.

දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බවත් ඇයට ලැබුණු පිරිමි දරුවාද හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවත් තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කුළුදුල් දරුවා දැක සතුට වැඩිවී ළය පැලී මියගිය අම්මා"

    Post a Comment