සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
වසර දෙකකට පසුව ක්‍රිකට් තරගයක් පැවැත්වෙන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට මේ තරගාවලියේ තරග තුනක් ලබා දී තිබෙනවා.
මෙහිදි හම්බන්තොට හෝටලයක නැවති සිටිනා සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩක Ryan Burl හදිස්සි අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබුනා.
ආහාර විෂවීමක් හේතුවෙන් එලෙස රෝහල් ගත කර සිදුකළ ප්‍රතිකාර වලින් පසුව සුව වූ Ryan රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා.
නමුත් Ryan සිය නිළ ට්විටර් ගිණුම හරහා ලොවම ඉදිරියේ හම්බන්තොට මහ රෝහලේ කාර්යමණ්ඩලයට ස්තූති කිරීමට අමතක කර තිබුනේ නැහැ.
Ryan Burl ගේ රෝගය අසාද්‍ය වූ අවස්තාවේ සිට මුළු රැයක් පුරාම වෛද්‍යවරුන් සහ එහි කාර්ය මණ්ඩලය ඔහු පිළිබදව සැළකිලිමත්වී ඔහුට හොදින් ප්‍රථිකාර ලබා දී ඇති
බවයි වාර්තා වන්නේ..
Ryan සිය ට්විටර් ගිණුමට මෙලෙස සටහනක් එක් කර තිබුනා.
” හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛදවරුන්ට බොහොම ස්තුතියි මාව සුවපත් කළාට. බිය දනවන අත්දැකීමකින් මා මිදුනා " ලෙසට ඔහු ලොවටම පෙනෙනා සේ හම්බන්තොට මහා රෝහල වර්ණනා කර තිබුනා.
ඔහුගේ ට්විටර් පණිවිඩයේ සහ අනෙකුත් ඡායාරූප පහතින්.

Thank you very much to the doctors and staff at Hambantota hospital for helping me recover! A terribly frightening experience 🙏🏽 pic.twitter.com/UcrrOp5dt4— Ryan Burl (@ryanburl3) July 6, 2017

Share this
|
|
0 Comment to "සිම්බාබ්වේ ක්‍රීඩකයෙක් හදිස්සියේ ලෙඩවෙයි - හම්බන්තොට මහ රෝහලත් ජාත්‍යන්තරයට...!!! (Photos)"
Post a Comment