දකුණු කොරියාවේදි ගිනි ගන්නා නිවසක් තුළට ගොස් වයස්ගත මවක් බේරාගත් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ පුවතක් පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තාවුණා.
එහිදී ගිනි ගන්නා නිවසින් 90 හැවිරිදි වයස්ගත මව බේරා ගැනීමට ගොස් නිමල්සිරි නම් මෙම ශ්‍රී ලාංකිකයාද පිලිස්සුම් තුවාල ලැබුවා.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අනතුරුව හෙළිව තිබෙන්නෙ නිමල්සිරි සිය
වීසා කාළය අවසන්ව දකුණු කොරියාවේ රැදි සිට ඇති බවයි.
එමනිසා නිමල්සිරි කොරියාවෙන් පිටමන් කිරීමේ තත්වයක් මතුව තිබෙනා බවට අපට වාර්තා වනවා.
ගින්නට ආවරණය වීම නිසා තවමත් පෙනහලු රෝගයකින් පීඩා විදින නිමල්සිරිට රැකියාව අහිමි වී කොරියාවෙන් පිටමන් කලහොත් ඔහු දැඩිලෙස අසරණ විය හැකි බවයි අපට වාර්තා වන්නේ.
නිමල්සිරි වයස්ගත මව බේරා ගැනීම පිළිබදව කොරියානූ මාධ්‍යයේ පලවූ වාර්තාවක් පහතින්.

Share this
|
|
0 Comment to "කළ හොද පස්සෙන් - ගිනි ගන්නා නිවසකින් මවක් බේරා ගත් ලාංකිකයා කොරියාවෙන් පිටුවහල් කිරීමට යයි"
Post a Comment