25 July, 2017

රෝහලෙන් ලංකාවට සුබ පුවතක් - ඉන්දියාවට අසුබ පුවතක්

lokesh rahul - dinesh chandimal

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පසුගිය දින කිහිපයේ අසනීප තත්වය නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අතර ඔහුගේ අසනීප තත්වය සුවවීම නිසා චන්දිමාල් නිවස බලා ගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් චන්දිමාල් මෙලෙස රෝහලින් පිටව යද්දී ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් රෝහල් ගත කර තිබෙනවා.

ඒඑ ඔහුට වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන්. 

පසුගිය කාලයේ අභාධ තත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර පිටියේ දක්නට නෙැලැබුනු රාහුල් පුහුණු තරඟයේ සාර්ථකව ලකුණු අතරට පැමිණියා.

මේ හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර පිටියේ 26 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයට රාහුල්ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝහලෙන් ලංකාවට සුබ පුවතක් - ඉන්දියාවට අසුබ පුවතක්"

    Post a Comment