21 July, 2017

ශාරීරික යෝග්‍යතාව ගැන බලන්න ඕන - කෝලි

Indian tour - Upul Tharanga - Virat Kholi - 02

ක්‍රීඩාවේදී ශාරීරික යෝග්‍යතාව ගැන අවධානය යොමුකළ යුතු බවත් ආබාධ ඕනෑම ක්‍රීඩාවකදී ඇතිවන නමුත් තරමක් දුරට කළමනාකරණය කර ගත හැකි බවත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය පිළිබඳව කොළඹ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම තම කණ්ඩායම කිසිඳු කණ්ඩායමක් හෝ තරගයක් සැහැල්ලුවෙන් නොගන්නා බවත් ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමට ගෞරව කරන බවත් ඔහු පැවැසීය.

“අපි කිසිම කණ්ඩායමක්, තරගයක් සැහැල්ලුවෙන් ගන්නේ නෑ. අපි ඕනම ප්‍රතිවාදී කණ්ඩායමකට ගෞරව කරනවා. ඔබ ශක්තිමත් හෝ දුර්වල කණ්ඩායමක් වෙන්න පුළුවන්. නමුත් තරගය සමාන තරගයක්.

ඕනම රටක තරගයක් දිනන්න අවශ්‍යනම් මහන්සියෙන් අපිට ක්‍රීඩා කරන්න වෙනවා. අපි අපේ ශාරීරික යෝග්‍යතාව ගැන බලන්න ඕන. වෘත්තීමය වශයෙන් පුහුණුවීම් කරන්න ඕන. ආබාධ කියන්නේ ඕනෑම ක්‍රීඩාවක අනපෙක්ෂිත දෙයක්. නමුත් අපිට තරමක් කළමනාකරණය කරන්න පුළුවන්.”

India - SL - Cricket - 2017.07.21

(රුවන් කාශ්‍යප - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශාරීරික යෝග්‍යතාව ගැන බලන්න ඕන - කෝලි"

    Post a Comment