@විරෝධතාවාදීන් විසින් ගිනිබත් කළ මෝටර් රථයක්
ලෝකය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝග ඉදිරියේ "ප්‍රගතියක්" වෙනුවෙන් පොදු එකඟතාවක් ඇති කර ගන්නා මෙන් ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් (Angela Merkel) ඉල්ලීමක් කරයි.
චාන්සලර්වරිය එම ඉල්ලීම කළේ, අද (ජූලි 07) සිකුරාදා 'හැම්බර්ග්' නගරයේ ආරම්භ වූ G 20 සමුළුවට සහභාගී වෙමින් සිටින ලෝක නායකයන් අමතමිනි.
මෙවර සමුළුවේ සත්කාරක රට ජර්මනියයි.
ලෝකය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝග ගැන සඳහන් කළ චාන්සලර් මර්කල් "ඔවුනොවුන්ගේ මූලික සිද්ධාන්ත හෝ වෙනස් මතවාදයන් පෙරට ගැනීමෙන් තොරව එම එකඟත්වය ඇතිකර ගත හැකි" බව පෙන්වා දුන්නාය.
එසේම ඇය මෙවර G 20 සමුළුවේ ප්‍රමුඛ සිරස්තල වී ඇති ලෝක වෙළෙඳාම,දේශගුණ විපර්යාස ,බල ශක්තිය ,කාන්තා අයිතිවාසිකම් සහ අප්‍රිකානු ගැටළු පිළිබඳවත් පැහැදිළි කිරීමක් කළාය.
සමුළුව සඳහා 'හැම්බර්ග්' නගරයට පැමිණ සිටින ඇමෙරිකානු

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් පළමු වරට මුහුණට මුහුණ මුණගැසීමත් අද අවධානය යොමු වෙමින් ඇති ප්‍රධාන මාතෘකාවක් වී ඇත.
සමුළුව පැවැත්වෙන අතරවාරයේ දියත් කෙරෙමින් පවතින මහජන විරෝධතාවන්ට ලක්ෂයකට අධික ජනතාව සහභාගී වෙමින් සිටි බව 'හැම්බර්ග්' නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
සමුළුවට එරෙහි විරෝධතාවාදීන් පාලනය කර ගැනීමට අතිරේක භටයන් සපයන මෙන් 'හැම්බර්ග්' පොලිසිය ඉල්ලීමක් කර තිබුණි.
විසිදහසක පොලිස් බලකායක් දැනටමත් යොදා ඇති අතර ජර්මනියේ වෙනත් ප්‍රාන්ත වලින් මෙන්ම ඔස්ත්‍රියානු පොලිසියේ සහයෝගය ද ඔවුන්ට ලැබෙයි.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ පොලිසිය සහ විරෝධතාවාදීන් අතර දරුණු ගැටුම් පැවති අතර අද සිකුරාදා උදේ වරුවේ වීදි බැස සිටි උද්ඝෝෂකයෝ මෝටර් රථවල වීදුරු කුඩු කරමින් වාහන ගිනිබත් කළහ.

G 20 සමුළුවට සහභාගී වෙන රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන් හැම්බර්ග් වරාය අවට චාරිකාවක නිරත වූ අතර, විරෝධතා නිසා සිය නවාතැනින් පිටතට පැමිණ ඔවුන්ට එකතු වීමට ඇමෙරිකානු පළමු කාන්තාව වන මෙලනියා ට්‍රම්ප් අසමත් වූවාය. (බීබීසී)
Share this
|
|
0 Comment to "G 20 ඇරඹෙයි - විරෝධතාවාදීහු වාහන ගිනිබත් කරති"
Post a Comment