ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ තොග වෙළඳපොළක පවතින තක්කාලි ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ මුර භටයන් යොදවා ඇති බව 'ද හින්දුස්තාන් ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
මීට හේතුව වී තිබෙන්නේ ඉන්දියාවේ තක්කාලි මිල ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පැවතීමයි.
ඉන්දෝර් නගරයේ ඇති මෙම තොග වෙළඳපොළ තුළ සන්නද්ධ මුර භටයන් හය දෙනෙකු පමණ යොදවා ඇති බව එහි සිටින තොග වෙළෙන්දෙකු පැවසීය.
විශේෂයෙන්ම තක්කාලි රැගත් ට්‍රක් රථ මෙම ස්ථානයට ළඟා වෙද්දී ආරක්ෂාව සැපයීම සඳහා සන්නද්ධ භටයෝ
සීරුවෙන් සිටිති.
ඇතැම් පුද්ගලයන් තක්කාලි සොරකම් කර විකිණීමෙන් විශාල මුදලක් උපයාගන්නා බවට ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලින් පසුගියදා වාර්තා වී තිබුණි.
මීට මාසයකට පමණ ඉහතදී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් අධික තක්කාලි අස්වැන්නක් ලැබුණු අතර බොහෝ ගොවියෝ තක්කාලි විකුණා ගැනීමට නොහැකිව තොග පිටින් මග දෙපස දමා ගියහ.
ඉන්දියාවේ තක්කාලි වගා කෙරෙන ප්‍රධාන ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂා හේතුවෙන් මෙවර අස්වනු විනාශවී ඇත.
අස්වැන්න හිඟ වීම හේතුවෙන් මේවනවිට තක්කාලි කිලෝවක් ඉන්දියානු රුපියල් 100කට පමණ විකිණෙන අතර එය කලින් තිබූ මිල මෙන් දෙගුණයක් බව 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කර තිබුණි. (බීබීසී)

Share this
|
|
0 Comment to "තක්කාලි රැකගැනීමට සන්නද්ධ මුර භටයෝ"
Post a Comment