26 July, 2017

Nokia 8 නැවතත් රහස් ඔත්තුවක් හරහා

Nokia-8

පසුගිය කාලයේ දිගින් දිගටම රහසින් නිකුත් වුනු තාක්ෂණික පුවත් අතරේ ඉදිරියෙන්ම තිබුනු මීලඟට වෙළඳපොලට පැමිණිමට නියමිත දුරකතනය වූයේ Nokia 8 දුරකතනයයි. 

එය යළිත් තඹ පැහැ පසුපසකින් යුක්තව සීස් ඔප්ටික්ස් තාක්ෂණයේ කැමරාවක් සමග නිකුත් කර තිබෙනු තවත් නවතම රහස් ඡායාරූපයකින් දකින්නට ලැබෙනවා. මෙම වර්ණය රත්රන් පැහැය යැයි බොහෝදෙනෙකු තර්ක කළත් මින්පෙර Nokia 6 උපාංගයේ තඹ පැහැ කවරයට ආසන්න පෙණුමක් ගන්නා නිසා මේ තඹ පැහැයම විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඡායාරූපයේ ආකාරයට එහි ඩුවල් කැමරා පද්ධතියක් ඇති අතර , නොකියා නැවත බළගැන්වුමත් සමග වෙළඳපොලට නිකුත් වන පළමු සීස් ඔප්ටික්ස් සහිත නොකියා උපාංගය වන්නේ Nokia 8 වනු ඇති. ඒ අනුව අති විශිෂ්ට රූප ගුණාත්මක භාවයකින් සන්නද්ධ වනු ඇති.

තවමත් උපාංගය නිළ වශයෙන් නිකුත් කර නැතත් මෙතෙක් ලැබී ඇති දත්ත අනුව උස අඟල් 5.3ක්, මෙගාපික්සල් 13ක ද්විත්ව කැමරා, ඉදිරිපස ෆින්ගර්ප්‍රින්ට් රීඩරයක්, ඇන්ඩ්‍රොයිඩ් බළගැන්වෙන, 64 GB, 4 GB RAM හෝ 128 GB, 6 GB RAM ලෙසින් බළගැන්වෙන සංස්කරණ දෙකක්, 2160p@30fps වීඩියෝ ගුණාත්මක භාවයකින් මෙම උපාංගය සන්නද්ධ වනු ඇති. (රච්න්ත ජයවර්ධන-අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Nokia 8 නැවතත් රහස් ඔත්තුවක් හරහා"

    Post a Comment