26 July, 2017

උදෑසන එකොළහට පෙර ඉන්ධන පිටත් කර හරිනවා - ශ්‍රී ලංකා යුධ හමුදාව

Army - Fuel

පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදෑසන එකොළහට පෙර කොළොන්නාවෙන් පිටත් කර හරින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන්
සෙනෙවිරත්න පැවසුවේ කොළොන්නාව තෙල් ගබඩාවේ දැනට සේවය කරන සේවකයින්ට ආරක්ෂාව ලබාදෙමින් මෙම කටයුතු සිදු කරන බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදාහරින බවයි.

අද පස්වරුව වන විට දිවයිනේ ඉන්ධන සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීම රජයේ අරමුණ වී තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "උදෑසන එකොළහට පෙර ඉන්ධන පිටත් කර හරිනවා - ශ්‍රී ලංකා යුධ හමුදාව"

    Post a Comment