24 July, 2017

බාලක තරගයේ ආරම්භක අවස්‌ථාව - කෝලිගේ පිතිකරුවෝ පදම් වෙති

Indian tour - Upul Tharanga - Virat Kholi - 02

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිගේ පිල සමග කොළඹ සී.සී.සී. පිටියේ පැවැති දෙදින පුහුණු තරගයේදී කදිම පුහුණුවක්‌ ලබාගත් ඉන්දියානු ක්‍රීඩකයෝ අනිද්දා (26දා) ශ්‍රී ලංකා පිල සමග පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගය සඳහා හොඳ සූදානමක්‌ ලබා ගත්හ.

ඉන්දීය නායක විරාට්‌ කෝලි හා ශ්‍රී ලංකා සභාපතිගේ පිලේ නායක ළහිරු තිරිමාන්න සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙවැනි දිනයේ පැය කිහිපයක්‌ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තරගය නවතා දමන ලදී. ඒ අනුව මේ වනවිට ඉන්දීය පිල ගාල්ල බලා පිටත්ව ගොස්‌ තිබේ.

එහිදී සාර්ථක පුහුණුවක්‌ ලබාගත් විරාට්‌ කෝලි (53), අජින්ක්‍යා රහානේ (40), රෝහිත් ෂර්මා (38), ශිකර් ධවාන් (41) සිය ඉනිම් අතරමැද නවතා නැවතත් ක්‍රීඩාගාරයට ගිය අතර තරගය නවතන විට ඉන්දීය පිලේ ලකුණු පුවරුව දැක්‌වූයේ කඩුලු 9කට ලකුණු 312 ක්‌ වශයෙනි.

එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක්‌, තරිඳු කෞෂාල් කඩුලු දෙකක්‌ සහ විකුම් සංජය අතරේ එක්‌ කඩුල්ලක්‌ බැගින් බෙදී ගියහ.

කෙසේ නමුත් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිලේ ධනුෂ්ක ගුණතිලක (74), නායක ළහිරු තිරිමාන්න (59) සහ නොදැවී ලකුණු 29 ක්‌ රැස්‌කළ රොෂේන් සිල්වා හැරුණුකොට සෙසු එකදු පිතිකරුවෙකුටවත් ඉන්දීය පන්දු යෑවීම හමුවේ ලකුණු 10 සීමාව ඉක්‌මවා යාමට නොහැකි විය. (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බාලක තරගයේ ආරම්භක අවස්‌ථාව - කෝලිගේ පිතිකරුවෝ පදම් වෙති"

    Post a Comment