
සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු රෝගී වූ තරුණියක් රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙටි වින්ඩ්සන් නමැති 23 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එංගලන්තයේ, බර්මින්හැම් ප්‍රාන්තයේ ජීවත්වූ මෙම තරුණිය සිය 25 හැවිරිදි පෙම්වතා සමග ලිංගිකව එක්ව ඇති අතර එම අවස්ථාවේදී පෙම්වතා විසින් ඇයගේ දෑත් ඇදෙහි බැඳ තිබෙනවා.
එම අවස්ථවේදී ඇයගේ වම් අතේ මැණික්කටුව අසල තුවාල වී ඇති බවයි වාර්තාවන්නේ.
දින කිහිපයක් ගතවත්ම එම තුවාලය වර්ධනය වී ඇති අතර පසුව ඇය ප්‍රතිකාර සදහා රෝහල වෙත යොමුකර තිබෙනවා.
එහිදී වෛද්‍යවරුන් ඇයගේ තුවාලයට ප්‍රතිකාර කර නැවත නිවසට යන ලෙස පවසා ඇති බව සදහන්.
පසුව දින කිහිපයක් ගතවත්ම අදාල තරුණිය නැවතත් හෘදයා බාධයක්
හේතුවෙන් රෝහල් ගත කරන අතර පසුව වෛද්‍යවරුන් සිදුකළ පරීක්ෂණ වලදී ඇයට Necrotising Fasciitis නම් දුර්ලභ රෝගය වැළදී ඇති බවට අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.
වෛද්‍යවරු පවන්නේ සිය පෙම්වතා සමග එක්වීමේදී ඇයගේ මැණික්කටුවේ සිදුවූ තුවාලයෙන් අදාල රෝගය සදහා වන විෂබීජය ශරීර ගතව ඇති බවට විශ්වාස කරන බවයි.
වෛද්‍යවරු පවන්නේ සිය පෙම්වතා සමග එක්වීමේදී ඇයගේ මැණික්කටුවේ සිදුවූ තුවාලයෙන් අදාල රෝගය සදහා වන විෂබීජය ශරීර ගතව ඇති බවට විශ්වාස කරන බවයි.



Share this
|
|
0 Comment to "පෙම්වතා විසින් දෑත් ඇදෙහි බැඳ ලිංගිකව එක්වීමෙන් පසු පෙම්වතිය මියයයි (Photos)"
Post a Comment