23 June, 2017

“මම ඔය දෙන්න ගැනම හොඳට දන්නවා.”- වට්මොර් කෝලි සහ කුම්බ්ලේ ගැන කියන කථාව

dave whatmore - anil kumble - virat kohli

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුහුණු කරු ලෙසින් කටයුතු කල ඩේව් වට්මෝර්, කුම්බ්ලේ කෝලි ගැටුම පිළිබඳව අදහස් දක්වා ඇත.

වට්මෝර් විරාත් කෝලි ගැන හොඳ අවබෝදයක් ඇති පුද්ගලයෙකු වන්නේ කෝලි 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දෙමින් ලෝක කුසලානය ඉන්දියාවට ලබාදෙන විට ඉන්දීය 19 පහල කණ්ඩායම පුහුණු කලේ වට්මෝර් වීම නිසාය.

වට්මෝර් පවසන්නේ කුම්බ්ලේ සහ කෝලි එකම ජාතියේ බඩු දෙකක් බවයි.දෙදෙනාම තමන්ගේ මතයේ දැඩිව සිටින පුද්ගලයන් දෙදෙනෙකු බව වට්මෝර් පවසා ඇත.

“ඇත්තටම ඒ ප්‍රශ්නය ටිකක් අසාමාන්‍ය දෙයක්,මට පේන විදියට මේ දෙන්න අතර වැරදි වැටහීමක් වගේම හොඳ සන්නිවේදනයක් නැති එක තමයි ප්‍රශ්නේ.මේ වගේ ප්‍රශ්න වලින් ක්‍රීඩකයන් ට වත් පුහුණු කරුවටවත් වාසියක් වෙන්නේ නෑ,අනික මේ වගේ ප්‍රශ්නයකට මේ තරම් ප්‍රසිද්දියක් ලැබෙන එක ඒ තරම් හොඳ දෙයකුත් නෙවෙයි.”

“කුම්බ්ලේ කියන්නේ ගොඩක් දුරට තමන්ගේ මතයේ දැඩිව ඉන්න කෙනෙක් කොලිත් ඒ වගේම තමයි,මම කොලිගේ හැටි හොඳට දන්නවා මොකද කෝලි 19 පහල නායකත්වය දරද්දී මම තමයි පුහුණු කරු,ඒ විදියට දැඩි මත දාරියෝ ඉන්නවා එයාල එක්ක වැඩ කරන්නත් ක්‍රමයක් තියනවා ඒක තේරුම් අරගෙන වැඩ කරනවානම් ඇත්තටම මේ ප්‍රශ්න එන්නේ නෑ.කෝලි කියන්නේ හරි කෙලින් මිනිහෙක් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි.”

ඇත්තටම පුහුණුකරුවකු ලෙස ක්‍රීඩකයන් සමඟ ගනදෙනු කල යුතු ආකාරයද මෙම ප්‍රවීණ පුහුණු කරුවා පැහැදිලි කර ඇත.

“හැම වෙලාවකම හොඳ පුහුණු කරුවා හොඳ නායකයෙක් වගේම හොඳ කළමනාකරුවෙක් වෙන්න ඕන.විවේකාගාරය හරි සුහදශීලී තැනක් කරන්න ඕන.කණ්ඩායම ඇතුලේ හැම කෙනාටම තමන්ගේ අදහස් කියන්න පුළුවන් පරිසරයක් හදන එකත් පුහුනුකරුවගේ වගකීමක් වෙන්න ඕන.”

ඉන්දීය කණ්ඩායමේ පුහුණු කරුවා වීමට වට්මොර්ගේ කැමැත්තක් නැති නිසා ඔහු එම තනතුරට ඉල්ලුම් කලේ නැති බවත් එම තනතුරට රවී ශාස්ත්‍රී සුදුසුම පුද්ගලයා බවත් වට්මෝර් වැඩි දුරටත් පවසා ඇත. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“මම ඔය දෙන්න ගැනම හොඳට දන්නවා.”- වට්මොර් කෝලි සහ කුම්බ්ලේ ගැන කියන කථාව"

    Post a Comment