
උඩුගම දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු දොළහක් හා අවුරුදු අටක් පමණ වන දැරියන් දෙදෙනකු අපයෝජනය කරන ලදැයි අවුරුදු 29ක් වන දෙදරු පියෙක් ඊයේ (8දා) අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසය කියයි.
මෙසේ ලිංගික අපයෝජනයට ලක්වූ බාල වයස්කාර ගැහැනු දරුවන් දෙදෙනා හා මව ජීවත් වූ ඉඩමේ මෙම සැකකරුද කුඩා නිවෙසක් තනා ගෙන ජීවත්වී ඇති අතර දරුවන් දෙදෙනාගේ මව නිවෙසේ නොමැති අවස්ථාවන්හිදී මෙම අතවර සිදුකර ඇති බව පැවැසේ.
මෙම සිද්ධිය අට හැවිරිදි දැරිය සිය මවට
ප්‍රකාශ කිරීමෙන් පසුව දොළොස් හැවිරිදි ගැහැනු දරුවාද ප්‍රකාශ කර ඇත්තේ සැකකරු කාලයක සිට තමාට ද ලිංගික අපයෝජනය කරන බවයි.
වැඩිදුර පරීක්ෂණවලින් පසුව බාලවයස්කාර ළමයින් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර සැකකරු උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මේ සම්බන්ධයෙන් උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පසුව දැරියන්ගේ මව සිද්ධිය පිළිබඳ උඩුගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ උඩුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරසිරි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණවලින් පසුව බාලවයස්කාර ළමයින් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර සැකකරු උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මේ සම්බන්ධයෙන් උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
යක්කලමුල්ල _ දමිත් සඳනුවන් කීර්ති
Share this
|
|
0 Comment to "අම්මා නැති වෙලාවට අක්කයි නංගියි දෙන්නම අපයෝජනය කළ දෙදෙරු පියා"
Post a Comment