'ඩෝහා' බලධාරීන් සිය ගල්ෆ් අසල්වැසි රටවල් සමඟ උත්සන්න වෙමින් පවතින අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා රුසියාවේ උදව් පතන බව කටාර් අර්බුදය සම්බන්ධයෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසෙයි.
කටාරයේ විදේශ ඇමතිවරයා රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලව්රොෆ් මුණගැසීම සඳහා මෙම සති අන්තයේ මොස්කව් නගරයට ලඟා වනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ක්‍රේම්ලිනය නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් විග්‍රහයක් කරන රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු භාර බීබීසී වාර්තාකරු රුසියාව ගල්ෆ් අර්බුදයට මැදිහත් වීමත් සමඟ අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා දැනට ගනිමින් ඇති ප්‍රයත්නය තවත් ව්‍යාකූල කෙරෙන බව පෙන්වා දෙයි.
මේ අතර ගල්ෆ් රාජ්‍යයන් අතර දැනට මතු වී පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සමථයකට පත් කිරීමේ ප්‍රයත්නයක් ආරම්භ කරමින්, කුවේට්
එමීර් ෂේක් අල් සබා අල්-අහ්මඩ් අල්-ජබාර් අල්-සබා (Sheikh Sabah al-Ahmed al-Jaber al-Sabah) කටාර් රාජ්‍යයේ 'ඩෝහා' අගනුවරට ලඟා විය.
'ඩෝහා' බලධාරීන් ත්‍රස්තවාදී කණ්ඩායම වලට උදව් කරන බවට චෝදනා කරමින් මින් දවස් කීපයකට පෙර ගල්ෆ් අරාබි කීපයක් කටාරය සමඟ සියලු සබඳතා අත්හිටුවන ලදී.
සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රාජ්‍යයන් ගුවන් මුහුදු සහ සියලු දේශසීමා සබඳතා නතර කිරීම කටාර් ගුවන් සේවයේ ජාත්‍යන්තර ගුවන් ගමන් කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කළේය.
කටාරයට එරෙහි ගල්ෆ් රටවල තවත් ඉල්ලීමක් වන්නේ ඉරානය සමඟ පවත්වන සබඳතාවලින් ඈත් වෙන ලෙසයි.
මේ අතර ප්‍රකාශයක් කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මතු වී ඇති මතභේද නිරාකරණය කර ගැනීම සඳහා උදව් වීමට කැමති බව කටාර් පාලනයට දැනුම් දී ඇත.
ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් වලට මූල්‍යාධාර සැපයීම වැළැක්වීම සඳහා ගල්ෆ් කලාපයේ රටවල් එක බලවේගයක් බවට පරිවර්තනය වීම යෝග්‍ය බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි. (BBC)

Share this
|
|
0 Comment to "කටාර් අර්බුදයට රුසියාව මැදිහත් වෙයි"
Post a Comment