10 June, 2017

මාධ්‍ය හමුවේ දික්වැල්ලගෙන් ඉන්දියාවට රිදෙන කථාවක්

niroshan dickwella-05

ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කල නොහැකි කණ්ඩායමක් බවත් කොයි මොහොතේ හෝ පෙරලියක් කිරීමේ හැකියාවක් ඇති බවත් ඕස්ට්‍රේලියා ක්‍රීකට් ක්‍රීඩක මයික් හසී ප්‍රකාශ කලේ තරඟාවලිය ආරම්භයටත් පෙරාතුවය.

ඔහු කී ලෙසම ප්‍රබල ඉන්දියාව හමුවේ වාර්තාගත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.ජයග්‍රහණයෙන් පසුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල අපුරු කතාවක් කීවේ
ඉන්දියාවට මෙය පුහුණු තරඟයක් වුවත් ලංකාව ජයග්‍රහණය කලේ ඉතා වැදගත් තරඟයක් බවයි.

“ඇත්තටම ගොඩක් සතුටුයි ඉන්දියාව පරාජය කරන්න ලැබුන එක ගැන.තරඟයට පෙර ඉන්දියාවේ මාධ්‍ය වගේම සමාජ වෙබ් අඩවිත් මේ තරඟය දැක්කේ පුහුණු තරඟයක් විදියට,ඇත්තටම අපිටනම් කිසිම තරඟයක් එහෙම නෑ,මේ තරඟාවලිය තියෙන්නේ සමාන ප්‍රතිවාදීන් අතරේ.හැම කණ්ඩායමකටම දිනන්න අවසථාවක් වගේම ඕනෑම කණ්ඩායමක් පරදින්නත් පුළුවන් මේ වගේ තරඟාවලියකදී,”

දික්වැල්ල මෙසේ ප්‍රකාශ කර තිබුණේ තරඟයට පෙර ඉන්දියාවේ සමාජ ජාලා තුල ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් පළවූ ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙනි. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මාධ්‍ය හමුවේ දික්වැල්ලගෙන් ඉන්දියාවට රිදෙන කථාවක්"

    Post a Comment