11 June, 2017

පියාගේ අඩිපාරේ ඇවිත් වැඩ පෙන්වන හර්ෂාන්

Harshan Gallage

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ සහ ඩෙල් ස්ටූඩියෝ වැඩසටහනේ වාදකයෙක් ලෙස සම්බන්ධ වුණු නිසා දැන් හර්ෂාන් ජයප්‍රියයි නේද?

ජනප්‍රියද කියල නම් මම දන්නේ නෑ. සමහර විට ජනප්‍රිය ඇති. මම නම් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට එච්චර ආස නැහැ. Dream Star වැඩසටහනට මට කතා කළේ අතුල අයියා.

මට ඒ කාලෙ ජොබ් එකක් තිබුණෙත් නැති හින්දා වැඩේට හා කිව්වා.

ප්‍රසිද්ධියට අකැමැතියි කියලා කිව්වට ඔය වැඩ දෙකම ලංකාවේ හිට් වුණා නේද?

ඔව්. ජනප්‍රිය වුණා. සම්මානත් හම්බවුණා. ඒත් අපි හැම තිස්සෙම අලුත් දෙයක් කරන්න ඕනේ. ඒ වැඩසටහන් දිගටම විකාශය වෙද්දි මට හිතුණා ඒවා හරි ඒකාකාරියි කියලා. අපි ඉපදෙනකොට අලුත් තමයි. හැබැයි පස්සෙ අපි පරණ වෙනවා. ඒ වැඩසටහනත් ඒ වගේ.

ඒ වැඩසටහන්වල වාදකයෙක් වෙලා ඉඳලා දැන් විවේචන ඉදිරිපත් කරන්නේ ඇයි?

හොඳ දෙයක් Dell studio වැඩසටහනේ තිබුණා. ඒක රසිකයෝ වැලඳ ගත්තා. මට ඒකට සතුටුයි. නමුත් ඒ වැඩසටහන එක තැනක හිරවුණා. සමහර සින්දු වෙනස් කරපුවහම ඒ සින්දුවේ හරය වෙනස් වෙනවා. ඒ ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. කොත්තු දානවා වගේ අපිට සින්දු වෙනස් කරන්න බැහැ. ඉදිරියේදී ඒ වගේ වැඩසටහන්වලට සම්බන්ධ වෙද්දි මම දෙපාරක් හිතනවා.

කලකිරීමෙන් කතා කරනවා වගේ පේන්නේ?

කලකිරීමක්ම නෙවෙයි. නමුත් මේවා අපි වගේ තරුණ ශිල්පීන් හරි කතා කරන්න ඕනේ. වාදකයොත් මේවාට වගකියන්න ඕනේ. වාදකයොත් උනන්දු විය යුතුයි තමුන්ගේ තත්ත්වය පිළිබඳව. වෙන රටවල එහෙම නැහැ. වාදකයන්ට ලොකු වටිනාකමක් සහ පිළිගැනීමක් තිබෙනවා. අපේ රටේ එහෙම නැති එක ගැන තියෙන්නේ කනගාටුවක්. රූපවාහිනි වැඩසටහන්වල වාදකයන්ගේ නමවත් කියන්නේ නැහැනේ.

සංගීත ක්‍ෂේත්‍රයේ ගායකයොද වාදකයොද වැඩකාරයෝ?

සමහර ගායකයො නම් හිතන් ඉන්නවා එයාල හරි වැඩ්ඩෝ කියලා. නමුත් එයාල දැනගන්න ඕනේ වාදකයො නිසා තමයි ඒ ගොල්ලෝ ඒ තැන්වල ඉන්නේ කියලා. ගායකයො සින්දු 4ක් කියලා ලක්ෂයක් ගන්නකොට වාදකයා පැය ගාණක් වාදනය කරලා ගන්නේ පහළොස්දාහයි.

ඔබේ පියා
මේ රටේ සිටි දක්ෂ තබ්ලා වාදකයෙක් වගේම ජෑස් ඩ්‍රම්ස් වාදකයෙක්. පවුල් උරුමයෙන්ද ඩ්‍රම්ස් වාදකයෙක් වුණේ?

මගේ පියා හේමපාල ගාල්ලගේ නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. ඔහු මගේ ගුරුවරයා. මම පාසල් ගියේ කොළඹ නාලන්දා විද්‍යාලයට. මම පාසල් කැඩෙට් බෑන්ඩ් එකෙත් හිටියා. ඒ වගේම මගේ අම්මා චාන්දනී ගාල්ලගේත් මගේ මහප්පා ජස්ටින් ගාල්ලගේත් මේ වෙලාවේ මතක් කරනවා.

ඒවගේම සිහ ශක්ති බෑන්ඩ් එකේ ආනන්ද පෙරේරා ඇතුළු සියලුම වාදකයන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මට ඔවුන්ව පොඩි කාලෙ ඉඳන්ම ඇසුරු කරන්න ලැබුණා.

මහේෂ් දෙනිපිටිය සහ අතුල අධිකාරි කියන ශිල්පින්ගෙන් කා එක්කද වැඩ කරන්න ලේසිම?

දෙන්නම හොඳ නිර්මාණකරුවන්. මහේෂ් දෙනිපිටිය මගේ පියාගේ හොඳ යාළුවෙක්. ඔහුව මට හඳුනාගන්න ලැබුණේ 2005දී. මම 'ත්‍රයිලෝක' කියන ඕචදඤ එකේ වාදනය කරද්දී. ඒ ප්‍රසංගය බලන්න මහේෂ් අයියා ඇවිත් හිටියා. ඉඩධඹ එක ඉවරවෙලා මහේෂ් අයියා මගේ වාදන හැකියාව අගය කළා.ඒ නිසා තමයි මට ච්ඥතත ඉබභඤඪධ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණේ. අතුල අයියා එක්කත් කිසිම ගැටලුවක් නැතිව වැඩකරන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ඩ්‍රමර් කෙනෙක්ට ගෑනු ළමයින්ගේ ආකර්ෂණය වැඩියි කියලා කතාවක් තිබෙනවා. එහෙම ආකර්ෂණය වෙච්ච ගෑනු ළමයෙක් එහෙම නැද්ද?

මමත් ආසයි මම වාදනය කරන කොට කෙල්ලෝ මං දිහා බලනවාට. එහෙම ආකර්ෂණය වුණු කෙනෙකුත් හිටියා. දැන් නම් තනිකඩයි. හැබැයි ආදරය කියන වචනයට මම ගොඩාක් ආදරෙයි වගේම මම මුළු ලෝකෙටම ආදරය කරනවා.

මොනවද ඉතින් අලුතෙන් කරන්න ඉන්න වැඩ?

මම මේ වෙනකොට බෑන්ඩ් දෙකක ර්ථීතචර කරනවා. ත්‍රයිලෝක සහ ර්ඪය ර්චඵබඥප ඕතධදඨ තමයි ඒ ඕචදඤ දෙක. ත්‍රයිලෝක බෑන්ඩ් එකෙන් අපි ඇල්බම් 3ක් කළා. බිසුර, බිසුර 2 සහ 'නිර්මාණ රතිය' තමයි ඒ ඇල්බම්. අපි අනුගමනය කරන්නේ වෙනස් සංගීත ආරයන්. අපිට ඕනේ බිස්නස් එකක් වෙච්ච අපේ රටේ සංගීතය වෙනස් තැනකට ගේන්න.

සංගීතයේ වෙනසක් කරන්න ඔබ ලොකු දායකත්වයක් දෙනවා වගේ?

පැහැදිලිවම අපිට ඕනේ අපේ රටේ මිනිස්සු වෙනස් කරන්න. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපේ සින්දු අහන්න. අපේ ඉඩධඹඵ බලන්න එන්න. ඒ වගේ ඉඩධඹ එකක් තමයි ච්ධඹද ඊධඹද ර්ථීභතඵඥ කියන්නේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පියාගේ අඩිපාරේ ඇවිත් වැඩ පෙන්වන හර්ෂාන් "

    Post a Comment