රියලිටි තරගයක් තුළින් ගායකයෙකු ලෙස ක්ෂේත්‍රයට අවතීරණ වන ඔහු මේ වනවිට දෙරණ රූපවාහිනියේ රාත්‍රි 8.25ට විකාශය වන "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය සපයයි. ඒ බොහෝ දෙනෙකු ආදරය කරන අනුහස්ගේ චරිතයය. ඒ චරිතයට රංගන දායකත්වය ලබාදෙන ඔහු රවීන් කණිෂ්කය. මේ කතාබහ ඔහු සමගිනි.
"දෙවෙනි ඉනිම" නාට්‍යය ගැන අපි මුලින්ම කතා කරමු?
මේ වෙද්දි මේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. අද වනවිට ලංකාවේ බහුතරක් දෙනෙක් නරඹන ටෙලි නාට්‍යයක් බවට මෙය පත්ව තිබෙනවා. මගේ පළමු රංගන දායකත්වය මෙවැනි ටෙලි නාට්‍යයකට ලබාදීම සම්බන්ධයෙන් හදවතින්ම සතුටු වෙනවා. තිර පිටපත හා අධ්‍යක්ෂකවරයා තමයි මෙම ටෙලි නාට්‍යයේ මූලික කොටස්කරුවන්. තිර පිටපතේ තිබෙන සජීවී බව මෙහි සාර්ථකත්වයට හේතුවක්. ඒ වගේම ඒ රචනය සූක්ෂමව කැමරාවට හසුකර ගන්න හැකියාවක් අධ්‍යක්ෂකවරයාට තිබිය යුතුයි. අධ්‍යක්ෂකවරයාගේ ඒ හැකියාවයි, මෙයට දායක වන ප්‍රවීණ ශිල්පීන් ලබාදෙන දායකත්වය නිසා තමයි මේ නිර්මාණය අද සාර්ථක නිර්මාණයක් බවට පත් තිබෙන්නේ.
රවීන් මේ චරිතයට දායක වෙද්දි රංගනය ගැන හදාරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ?
ඔව්, මගේ විෂය සංගීතය. මම රංගනය මීට පෙර කරලා නැහැ. මේ ගැන හදාරන්නත් මට අවශ්‍යතාවයක් තිබුණෙ නැහැ. රංගනයෙන් චරිතයකට දායක වන පළවෙනි අවස්ථාව තමයි මේ. මේ ටෙලි නාට්‍යය තුළින් මම ඒ ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. එතුළින් මෙයට සාධාරණයක් ඉටුකරන්න මම උත්සාහ කරනවා. ඒ වගේම මගේ ප්‍රධාන විෂය සංගීතය, එයත් මේ සමග සමබරව කරනවා.
මෙගා ටෙලි නාට්‍යයකට දායක වීමේදී කොහොමද රවීන් කියන ගායන ශිල්පියාට ලැබෙන ඉඩ?
මේ නාට්‍යය අවසන් වන තුරු ගායකයාට ලොකු ඉඩක් ලැබෙන්නෙ නැහැ. මෑතක දී ගීතයක් කරන්න හැකියාවක් ලැබුණෙ නැහැ. මගේ සංගීත කණ්ඩායම සමග ප්‍රසංග පැවත් වනවා. ඒ දේවල් එක්ක ඉස්සරහට කාර්යය බහුලවෙලා තියනවා. දැන් මට අලුත් මාවතක් විවර වෙලා තියනවා. මේ නිර්මාණයෙන් පස්සෙ ලංකාවෙ ප්‍රේක්ෂකයන් මා තුළින් නළුවෙකුත් බලාපොරොත්තු වෙනවා නම්, මට සිද්ධ වෙනවා ඒ දෙකම සමබරව ගෙන යන්න. මගෙන් රංගන ශිල්පියෙක් බලාපොරොත්තු වන පිරිසක් ඉන්නවා නම්, ඒ පිරිසට අසාධාරණයක් කරන්න මට බැහැ. ඒ නිසා මේ දෙකම සමබරව කර ගැනීමට තමයි මම සැලසුම් කරන්නේ.
"දෙවෙනි ඉනිමේ" අනුහස්ගේ චරිතයට රංගන දායකත්වය ලබාදීම ගැන ඔබගේ අදහස කෙබදුද?
අනුහස් කියන චරිතය අභියෝගාත්මක චරිතයක්. මම රංගන ශිල්පියෙක්
නෙමෙයි. කිසිදිනක රංගනය සිදු නොකළ කෙනෙක් නිසා අනුහස් කියන්නේ මට දරන්න බැරි තරම් චරිතයක්. අනුහස් කියන චරිතය තුළ ලොකු පරාසයක් තිබෙනවා. උපතින් අහිංසක, ඒ වගේම සමහර අවස්ථාවල සංවේදී, ආදරයේදී මෘදු පුද්ගලයෙක්. අසාධාරණයේදී ආවේගශීලී වන චරිතයක්. අහිංසකකම තුළ ඒ දඩබ්බරකම, හිතුවක්කාරකම, කේන්තිය මතුවන අවස්ථා සමබරව නිරූපණය කරන්න මට අපහසු වුණා. එහෙත් අනුහස් කියන චරිතයේ සියයට හෑත්තෑ පහක් පමණ මගේ සෑබෑ ජීවිතය එක්ක සමීප බවක් තිබෙනවා. බොහෝ අවස්ථාවල රඟපාන්න බෑ. මට, මම විදිහට ඉන්න තමයි තියෙන්නේ. රඟපාන්න ගියොත් කෘතිම ගතියක් ඇති වෙනවා කියන දේ මම මෙහිදී තේරුම් ගත්තා. අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් කිහිප දෙනෙක්ම මෙයට සම්බන්ධ වෙනවා. ඔවුන්ගෙන් මම ඉගෙන ගත්ත දෙයක් තමයි ඔවුන් රඟපාන්නෙ නැහැ. ඒ අවස්ථාවේ ජීවත්වනවා කියන කාරණය තමයි පෙන්නුම් කරන්නේ. මේ රංගන කටයුතු සිදුවන අතර මම බොහෝ දේ ඉගෙන ගන්නවා. අනුහස්ගේ චරිතය කරද්දි මම සාමාන්‍ය රවීන්ගේ චරිතය තමයි කරන්නේ. මේ වනවිට එපිසෝඩ් අසූපහක් පමණ විකාශය වී තිබෙනවා. එහෙත් කැමරාව ඉස්සරහට ගියාම බයක් දැනෙනවා.
ඒ කියන්නේ මීට පරිබාහිර වෙනත් චරිතයක් ලැබුණොත් රවීන් කියන රංගන ශිල්පියා අසමත් වෙයිද?
මම අභියෝග භාර ගන්න කැමති මනුස්සයෙක්. මම ඒකට කැමතියි. මේ චරිතයට වඩා හැමඅතකින්ම වෙනස් චරිතයක් මට රඟපාන්න ලැබුණොත්, ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම සූදානම්. මම එයට උත්සහ කරනවා.
රංගන ශිල්පියෙකු ලෙස රවීන්ගේ ඉදිරි ගමන්මග මොනවගේ වෙයිද?
මම අඩියෙන් අඩිය හරි ඉස්සරහට යන්න කැමති කෙනෙක්. රංගනය කියන්නේ මොකක්ද? එය සිදුකළ යුත්තේ කෙසේද? නොකළ යුත්තේ මොකක්ද? ආදී කාරණා ගැන මූලික දැනුම ලබාගන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. එය "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යය හරහා හොඳින් කරන්න හැකියාව මට ලැබුණා. මම කුඩා කාලෙ ඉඳන් තිබුණ ආසාවක් තියනවා. ඒ ලංකාවෙ හොඳ සම්භාව්‍යය ගණයේ චිත්‍රපටයක චරිතයක් නිරූපණය කරන්න. ඒ ආසාව ඉටු කරගැනීමට තියපු එක් පියවරක් ලෙස තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය මම දකින්නේ.මේ ගමනේ අවසන් බලාපොරොත්තුව සිනමාවට ප්‍රවේශවීම.
මේ වනවිට ටෙලි නාට්‍යය සම්මාන උලෙළවල් සංවිධානය වෙනවා. එහි ජනප්‍රියම නළුවා සම්මානය ගැන බලාපොරොත්තුවක් තියෙනවද?
ඕනෑම කෙනෙක් කැමතියි තමන් කරන දේට ඇගයීමක් ලබාගන්න. මම පෘථග්ජන මිනිසෙකු ලෙස එයට කැමතියි. මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. නමුත්, ඒ සම්මාන ලබාදෙන ඛාණ්ඩයේ සම්මානයක් ලබාගන්න මම සුදුසුනම්, මට එය ලැබේවි. මම සම්මාන පස්සේ ගිහින් සම්මානයක් ලබාගන්න කැමති කෙනෙක් නෙමෙයි.
නිදුක් මදුෂික / ඡායාරූප - මිහිර බණ්ඩාර (saaravita)

Share this
|
|
0 Comment to "අනුහස්ගේ චරිතය කරද්දි මම සාමාන්‍යය රවීන්ගේ චරිතය තමයි කරන්නේ"
Post a Comment