ලොවම කළඹමින් පසුගියදා එංගලන්තයේ බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස කුළුණු සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය සඳහන් කරන්නේ.
තුවාල ලැබූ 30 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 17 දෙනෙකුගේ තත්වය බරපතල බව සඳහන්.
ඇතිවූ මහා ගින්න පිළිබඳව ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළා.
ගින්න මැඩපැවැත්වීමෙන් පසු ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කළ නමුදු දිවි ඇති තවත් කිසිවෙකු හමුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ගිනි නිවන කණ්ඩායම් ප්‍රකාශ කළා.
1974 වසරේ ඉදිකර ඇති මෙම මහල් නිවාස සංකීර්ණය
පසුගිය කාලයේදී ස්ටර්ලින් පවුම් මිලියන 8.6 ක් වැය කර ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ රයිඩන් නැමති සමාගමටද පරීක්ෂණයේදී කරුණු ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති.
ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් කියා සිටියේ අදාළ ප්‍රතිසංස්කරණ ආරක්ෂිත ලෙස සිදුකළේද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බවයි.
මේ අතර ගින්න ඇතිවූ අවස්ථාවේ කිසිවක් සිතාගත නොහැකිව තම දිවි බේරාගන්නා ලෙස උදව් ඉල්ලසිටිමින් පිරිසක් ගිනිදැල් මැදින් සංඥා කළ අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම දර්ශන සහ ගින්න ඇතිවූ අවස්ථාවේ සහ ඉන් පසු මෙතෙක් ඔබ නොදුටු දර්ශන සහ ඡායාරූප පෙළක් පහතින්.

(hirunews)
Share this
|
|
0 Comment to "ලන්ඩන් ගිනි ජාලා මැද ජීවිතය ඉල්ලූ පිරිසකගේ හදවත් කම්පා කරවූ දර්ශන පෙළ (Photos)"
Post a Comment