චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් කඩයිමෙන් පැන ගැනීමට සමත්වූ ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේදී හමුවීමට සුදානමින් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව දේශපාලන වශයෙන්ද ඉන්දීයාවේ හතුරෙකු වන පකිස්ථාන කණ්ඩායමයි.
ඉන්දීය කණ්ඩායම අවසන් පුරව තරඟයේදී හමු වුයේ බංගලාදේශ කණ්ඩායමයි.බංගලාදේශය ඉන්දියාවට ප්‍රබල අහියෝගයක් වෙමින් තමීම් සහ මුෂ්ෆිකර් රහීම් ගොඩනැඟූ සාර්ථක සම්බන්දතාවය බිද ගැනීමට
විරාත් කෝලි ගත් තීරණය ඉන්දියාවට අවසන් තරඟය කරා තම ගමන ස්ථිර කිරීමක් විය.
එක අවස්ථාවක බංගලාදේශ ඉනිම කියවුනේ කඩුලු 2 කට ලකුණු 154 ක් වශයෙනි.කෝලි විසින් කෙදාර් යාදෙව්ට පන්දුව බාර දීමත් සමඟ බංගලාදේශයේ ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.යාදව් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි තමීම් සහ මුෂ්ෆිකර් පිටියෙන් ඉවත් කිරීම කෝලිට පමණක් නොව සමස්ත ඉන්දියා ක්‍රිකට් ලෝලීනටම සැනසුම් සුසුමක් විය.
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ලකුණු 264 හඹා යාමට ඉන්දියාවට බිලිදීමට අවශ්‍ය වුයේ කඩුලු 1ක් පමණි.ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා සහ විරාත් කෝලි ගොඩනැන්වූ සම්බන්දතාවය සමඟ ඉන්දියාව අවසන් මහා තරඟයට පිවිසි අතර නායක කොලිට ශතකය අහිමි වුයේ ලකුණු හතරකිනි. (cricketlanka)

Share this
|
|
0 Comment to "ඉන්දියාව අවසන් මහා තරඟයට ගෙන ආ කෝලිගේ තීරණය"
Post a Comment