සුර්ය බලශක්ති නිෂ්පාදනයේ නියමුවෙක් වූ මහාචාර්ය Michel Gratzel සමග සම්බන්ධවූ ස්විට්සර්ලන්ත මාහාචාර්ය Mohammed Khaja Nazeerudin විසින් ස්ථර 2 (2 D) හා ස්ථර 3 (3 D) perovskite නම් තාක්ෂණය
භාවිතා කර 12.7% ප්‍රතිශතයක කාර්යක්‍ෂමතාවයක් සහිත නව සුර්ය කෝෂ නිෂ්පාදන එළි දක්වන ලදී. මෙම සුර්ය කෝෂවල බලශක්තිය නිපදවීම සහ කාලය අතර ප්‍රස්තාරය සරල රේඛාවක් පෙන්වීම මගින් ඒවා වැඩි කාලයක් ස්ථාවරව ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ.
2015 වසරේදී ස්ථාපනය කරන ලද සුර්ය කෝෂ වලින් 93% ක්ම silicon wafers වූ අතර එය වෙළදපොල මුලිකයා විය. එහෙත් ඒවායේ ඇති දුර්වලතා මගහැරීම ඉතා අපහසු වේ. ඉතාම හොද silicon කෝෂ කාර්යක්ෂමතාව පවා දශක දෙකක් තුළ දියුණු වුයේ සුළු වශයෙනි.මුල් perovskite කෝෂ මගින් ප්‍රමාණවත් විදුලියක් සුර්යලෝකයෙන් ලබා ගැනීමට අසමත් වූ අතර ජලය නිසා ඉක්මනින් ඛාදනයද විය.
ස්ථර 2 (2 D) හා ස්ථර 3 (3 D) perovskite නම් නව සුර්ය කෝෂ මෙම දුර්වලතා මගහැරීමට සමත් වී තිබේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ - හර්ෂ ලංකේශ්වර (vidathanet)

Share this
|
|
0 Comment to "අධි ස්ථාවර සුර්ය කෝෂ"
Post a Comment