17 June, 2017

ගයත්‍රි ඩයස් කැමැතිම පිරිමි චරිත 8

Gayathri Dias - 2017.06.17

01.මගේ අප්පච්චි

මම හිතන්නේ ඕනෑම කෙනකුට තමන්ගේ අප්පච්චි තරම් වටිනා කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ගැහැනු ළමයකුට හමුවන පළමු පිරිමියාත් ඔහු. අප්පච්චි අපිව බලාගත්ත විදිය, අපිත් එක්ක ජීවත් වුණු විදිය එක්ක, උපදින හැම ආත්මයකම මගේ අප්පච්චිව ප්‍රාර්ථනා කරනවා.

02.මහත්මා ගාන්ධි

මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් රටක් වෙනස් කරන්න ඔහුට හැකිවුණා. ඔහු ජීවිතයේ තියෙන බැරෑරුම්කම් වෙනස් කළා ජීවිතයේ සුබවාදී පැත්ත පෙන්නලා. ඉතින් ඒ වගේ චරිත තවදුරටත් බිහි නොවීම කනගාටුවක්.

03.අර්ජුන් රාම්පාල්

මම කැමැති පිරිමි චරිතවලින් ගොඩාක් කැමැති චරිතයක් අර්ජුන්. ඔහුගේ පෙනුමට, රංගන හැකියාවට, ඔහුගේ පෞරුෂයට මම ගොඩාක් ප්‍රිය කරනවා.

04.හෙන්රි කෙවිල් _ Henry Cavill

අපි හැමෝම දන්නා Super Man චරිතයට පණපොවන්නේ ඔහු. Super Man කියන චරිතයට තමයි මම මුලින්ම ආස කළේ. ඊට පස්සේ තමයි Super Man ට Act කරන හෙන්රිට කැමැති වුණේ. ඔහුගේ පෞරුෂය මේ චරිතයට හොඳින්ම ගැළපුණා. Supaer Man සංකල්පයේ movies බලන්න මාව පෙලඹෙව්වේ හෙන්රි කෙවිල්.

05.අමරසිරි පීරිස්

ඔහු මගේ ප්‍රියතම හඬ තියෙන ගායකයා. ඔහු වැනි කලාකරුවන් ලෝකයට බිහි වෙන්නේ ලොකු පිනකට. මම ඔහුගේ ගීතවලට ප්‍රිය කරන්නේ වසර ගණනාවක ඉඳලා. ඔහුගේ හ¾ඩින් ඇහෙන ඕනෑම ගීතයක් රසවිඳින්න මම කැමැතියි.

06.ෂාරුක් ඛාන්

ඔහුගේත් පෙනුමට, රංගන හැකියාවට, පෞරුෂයට මම කැමැතියි. ඒ වගේම කාන්තා, පිරිමි, තරුණ, මහලු මේ කිසිම භේදයක් නැතිව මිනිසුන්ගේ සිත්වලට ඔහු තරම් ළං වෙච්ච තවත් චරිතයක් නැති තරම්. ඔහුගේ එක චිත්‍රපටයක්වත් මඟහරින්නේ නැතිව බලන්න ආස කරන කෙනෙක් මම.

07.විජය කුමාරතුංග

මම ඉතාම කුඩා අවධියේ ඔහු මේ ලෝකෙන් සමුගත්තේ. මට ලොකු තේරුමක් නොමැති කාලයේ සිටම මම ඔහුගේ රසිකාවියක් වෙලා හිටියා. ඒ කාලේ මම ඔහුට ලිපි ලිව්වා. ඒ ලිපිවලට පිළිතුරු ලැබුණා. ඒකට මම ගොඩාක් සතුටු වුණා. කිසිම කෙනකුට අමතක නොවන රූපයක් ඔහුට තිබුණේ. ඒ වගේම ඔහුට ලස්සන හඬක් තිබුණා. Multi Talented කියලා කිව්වොත් හරියටම හරි. විජය කුමාරතුංග කියන්නේ හැම පැත්තෙන්ම ගොඩාක් දෙනකුගේ ආදරය දිනාගත්ත චරිතයක්.

08.කීර්ති පැස්කුවෙල්

මම චූටි කාලේ ඉඳලම ආස කරපු චරිතයක් ඔහු. ඔහුගේ රූපයට තමයි පොඩි කාලේ ගොඩක්ම ආස කළේ. ඔහුට හරිම තරුණ රූපයක් තිබුණේ. මම පසුකාලීනව ගොඩක් වාසනාවන්ත වුණා ඔහු සමඟ එකතු වෙලා වැඩ කරන්න. වැඩසටහන්වලට සහභාගි වෙන්න.

රංජන තන්ත්‍රිගේ  (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගයත්‍රි ඩයස් කැමැතිම පිරිමි චරිත 8 "

    Post a Comment