17 June, 2017

හිටපු LTTE සාමාජිකයෙකු පෝරකයට

death sentence-02

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුට මොණරාගල මහාධිකරණය විසින් ඊයේ (15දා) මරණ දඩුවම නියමකර තිබේ.

මෙලෙස මරණ දඩුවම නියමවුයේ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු වන මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකුටය.

2008 වසරේ ජනවාරි 21
වනදා තණමල්විල පොලිස් වසමේ ඌව කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර අවි සහ උණ්ඩ කොල්ලකෑම මෙම පුද්ගලයාට එරෙහි චෝදනාවයි.

සිද්ධියට අදාළව මෙතෙක් කලක් විභාග වෙමින් තිබු නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමින් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයාට මරණ දඩුවම නියමකර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබේ. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "හිටපු LTTE සාමාජිකයෙකු පෝරකයට"

    Post a Comment