14 June, 2017

2016 විදේශ ණය ගැන මහබැංකුවෙන් හෙළිදරව්වක්

Central Bank Sri Lanka-04

ශ්‍රී ලංකාව පසුගිය 2016 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක ව්‍යාපෘති ණය විදේශ රටවලින් ලබාගෙන ඇති බව මහබැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් වැඩිම ප්‍රමාණයක් එනම්, සියයට 34ක් චීනය විසින් ලබා දී ඇති අතර, සියයට 26ක් ව්‍යාපෘති ණය ලබාදී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන්.

සමස්ත ණයවලින් සියයට 10ක් ලෝක
බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය මගින් ලබාදී ඇති බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.

මීට අමතරව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 46ක් ප්‍රදානයන් ලෙස ලැබී තිබෙනවා.

එමෙන්ම ව්‍යාපෘති ණයවලට අමතරව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 287ක් වටිනා ණය 3ක් ලබාගෙන ඇති බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "2016 විදේශ ණය ගැන මහබැංකුවෙන් හෙළිදරව්වක්"

    Post a Comment