22 June, 2017

සයිටම් සටනේ ගැටුමෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු නිසි ප්‍රතිකාර කර නැහැ!

STF officers injured protest

සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වෙත වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන්
පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි.

තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා.

ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි. (nethnews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සයිටම් සටනේ ගැටුමෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු නිසි ප්‍රතිකාර කර නැහැ!"

    Post a Comment