22 June, 2017

ලාංකීය තරුණිය දුෂණය කළ බංග්ලාදේශ තරුණයාට වැඩ වරදියි

arrested men

බංග්ලාදේශයේ චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය කළ තරුණයා බන්ධනාගාර ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මෙලෙස බන්ධනාගාර ගත කෙරුනේ 26 හැවරිදි බංග්ලාදේශයේම පදිංචි අලෙවි විධායකවරයෙකු බවයි සඳහන් වන්නේ.

චිතගොං නගරයේ හෝටල් කාමරයක් තුළ 26 හැවැරිදි සැකකරු තමන්ව දූෂණය කළ බවට වෛද්‍ය සිසුවිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම තරුණයා පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය ජුනි 11 දා අත්අඩංගුවට පත් සැකකරු හා දුෂණයට ලක් වූ බව කියන ශ්‍රී ලාංකීය තරුණිය ජංගම දුරකතනය හරහා කතාබහ කිරීම ආරම්භ කර ඇති අතර පසුව සැකකරුගේ දැනුම් දීම මත ඇය හෝටලය වෙත පැමිණ තිබෙනවා.

තරුණිය නැවතී සිටින නේවාසිකාරය ආසන්නයේ හෝටලය පිහිටා ඇති අතර එහිදී තමන්ව දූෂණයට ලක්වූ බව තරුණිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලාංකීය තරුණිය දුෂණය කළ බංග්ලාදේශ තරුණයාට වැඩ වරදියි"

    Post a Comment