17 June, 2017

එංගලන්තයට ගිය ලංකාවේ අපේ ක්‍රීඩිකාවන්ට අඩු සැළකිලි !

cricket-women

කාන්තා ක්‍රීකට් ලෝක කුසලාන‍යට තරග කිරීමට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායමට අඩු පහසුකම් වලින් යුත් හෝටල ලබා දුන් පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා.

තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තය දැරුවත් , ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින දහයකට පෙර එංගලන්තයට ගොස් තිබෙන නිසා තරගාවලිය ආරම්භ වනතෙක් කණ්ඩායමේ නවාතැන් පහසුකම් හි වියදම් දරා ගැනීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයටයි. 

තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ හෝටල සදහා වියදම් ICC ය විසින් දරණු ඇත.

වියදම් අඩු කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නියෝජනය කරන බළධාරීන් කණ්ඩායමට අඩු පහසුකම් වලින් යුත් කාමර ලබා දී තිබෙන අතර එම කාමර කුඩා වීම නිසා කණ්ඩායමේ ක්‍රීඩීකාවන් එම කාමර ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව බලධාරීන් මැදිහත් වී කණ්ඩායමට තවත් අමතර කාමර තුනක් ලබා දීමෙන් පසුව තත්වය සමතයකට පත්ව ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එංගලන්තයට ගිය ලංකාවේ අපේ ක්‍රීඩිකාවන්ට අඩු සැළකිලි !"

    Post a Comment