23 June, 2017

ක්‍රිකට්: රාජද්‍රෝහී චෝදනා ඉවතට

Cricket Cheer

චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගයේ දී "පකිස්තානු පිලට සහයෝගය පළකරමින් ඔල්වරසන් දුන්" මුස්ලිම් පුද්ගලයන්ට එරෙහිව ගොනු කරතිබූ රාජද්‍රෝහී චෝදනා ඉන්දීය පොලිසිය විසින් ඉවත්කරගනු ලබයි.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය වාර්තාකරුවන්ට ප්‍රකාශ කර සිටියේ අත්අඩංගුවට ගෙන සිටින 15දෙනාට එරෙහිව හොනුකර ඇති රාජද්‍රෝහී චෝදනා "ඔප්පු කිරීම ඉතා අසීරු" බවය.

නමුත් "වාර්ගික සමගියට බාධා ඇතිකිරීම" යටතේ මෙම 15දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

පසුගිය දා එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගයෙන් පකිස්තානු පිල ජයග්‍රහණය කරා ගමන්කරමින් සිටින අතරවාරයේ රතිඤ්ඤ දල්වමින් සතුටු වූ බවට හින්දු අසල්වාසීන් විසින් පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව මෙම මුස්ලිම් භක්තිකයන් අත්අඩංගුවට ගෙන ඇත.

මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මුස්ලිම් සුළුතර ප්‍රජාවට අයත් මෙම පිරිස රාජද්‍රෝහී චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම හෙළාදකින ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය, ඔවුන් වහාම නිදහස් කරන ලෙස බලවත් ඉල්ලීමක් කර තිබුණි.

රාජද්‍රෝහී චෝදනාවලට වරදකරු කෙරෙන තැනැත්තකු ඉන්දියානු නීතිය අනුව ජීවිතාන්තය තෙක් බලපැවැත්වෙන උපරිම සිර දඬුවමකට යටත් කළ හැකි වෙයි.

එම නීතිය දැඩි ලෙස පාවිච්චි කරන බවට ඇතැම් මානව හිමිකම් සංවිධාන ඉන්දීය බලධාරීන්ට චෝදනා කරන නමුත් අපැහැදිලි වචන මගින් විග්‍රහ කෙරෙන රාජද්‍රෝහී වරදට අදාළ නීතිය මෑත අවුරුදුවල ඉන්දීය බලධාරීන් විසින් භාවිතා කරනු ලැබ තිබෙන්නේ විරෝධතා ව්‍යාපාර අඩාල කර දැමීමටයි.
අපරාධ නීති සංග්‍රහය

කෙසේවුවද, ඉන්දියාවේ රාජද්‍රෝහී නීතිය එරට අපරාධ නීති සංග්‍රහයේ ඉතා දරුණුතම නෛතික විධිවිධාන පද්ධතිය වෙයි.

රාජද්‍රෝහී චෝදනාවලට අදාළ ඉන්දියානු නීතිය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1870 වසරේ නීතිගත කරන ලද්දකි.

පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජයඝෝෂා නැගීම නිසා ඉන්දියානු මුස්ලිම් කණ්ඩායමක් දුෂ්කර තත්වයකට පත් පළමු අවස්ථාව මෙය නොවේ.

2104 වසරේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කාෂ්මීර් සරසවි සිසුන් 66 දෙනෙක් ප්‍රජා සුසංයෝගයට අවහිර කිරීමේ චෝදනා යටතේ සරසවියෙන් නෙරපා හරිනු ලැබුණි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රිකට්: රාජද්‍රෝහී චෝදනා ඉවතට"

    Post a Comment