ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මනෙහි සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අද (22දා) ක්‍රිකට් ආයතනයට පැමිණෙන ලෙස ක්‍රිකට් බලධාරීන් දන්වා ඇතැයි 'අද' ට වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි
ජයසේකර මහතාව විවේචනය කරමින් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීම පිළිබඳව කරුණු විමසීමට මෙලෙස ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා ඇතැයි අනාවරණය වේ.
කෙසේ වෙතත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්හි කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයෙක් නොවන හෙයින් ඔහුට අවවාද කර මෙම ගැටුම සමථයකට පත්කිරීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ( පැතුම් ශ්‍රී විජේරත්න - ada )

Share this
|
|
0 Comment to "ක්‍රීඩා ඇමතිව විවේචනය කිරීම නිසා මාලිංගට විනය පරීක්ෂණයක්"
Post a Comment